කොප්පම් සටන

බටහිර චාලූක්‍යයන් හා චෝළයන් අතර ක්‍රි. ව. 1052-1053 අතර කාලයේ දී තුංගභද්‍රා ගඟබඩ සිදු වූ සටනකි. මේ සටන දෙපාර්ශ්වයට ම තීරණාත්මක එකක් විය. චෝළයෝ උපායමාර්ගිකව ජයගත්ත ද, බටහිර චාලුක්‍යයන්ටද මේ සටනින් වාසි අත්විය. සටන මෙහෙයවූ පළමු රාජාධිරාජ චෝළ රජු සටන් බිමේ දී මිය යෑම චාලුක්‍යයන් ලැබූ ජයක් විය. නමුත් සමස්ත සටනින් චාලුක්‍ය වංශයේ සෝමේශ්වර රජු පරාජයට පත්විය. මේ නිසා දෙපාර්ශ්වයට ම සේ සටනින් හානි සිදු වූ බව පිළිගැනෙයි.