කොඩවලී

ඉන්දියාවේ ගෝධාවරී දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. මේ ස්ථානයෙන් සාතවාහන යුගයට අයත් යැයි අනුමාන කළ හැකි සෙල්ලිපියක් හමු වී තිබේ. එහි වඩසාත යනුවෙන් සඳහන් වන්නේ චන්ද්‍ර ශ්‍රී නම් සාතවාහන රජු විය හැක. මෙහි තිබී වාසිස්ථපුත්‍ර වඩසාති නමින් යුතු කාසි ද හමුවී ඇත.