කෘෂ්ණ

කාල වර්ණය. කළු පැහැය. කෘෂ්ණ නමින් දෙවියකු ද වෙයි. (ගෝපිනාථ, ගෝවින්ද, මුරලීඹර, වාසුදේව යනු ද මොහුම ය.) ශරීරය කාල වර්ණ වූ කෘෂ්ණට ප්‍රියකළ මනුෂ්‍යයෝ කළු වර්ණයට ද කෘෂ්ණ යන නම දෙන්නට ඇතැ’යි විශ්වාස කෙරේ.

දකුණු ඉන්දියාවේ පිහිටි දිස්ත්‍රික්කයක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ.

යජුර් වේදයේ එක් කොටසක් ද කෘෂ්ණ නමින් හැඳින්වේ. ශුක්ල කොටසේ ඇති ගීතිකාවන්ට අදාළ අර්ථ ඇත්තේ මේ කොටසේය.