පරණි දඹදිව ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සුවිශේෂ නිර්මාණයකි. ‘කුළාර’ යනු ද එයමය. කූටාගාරයක් පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ රාමායනයේ ය. එයට නුව කූටාගාරය යනු ස්ත‍්‍රීන්ගේ ක‍්‍රීඩාගෘහය යි. එය නිවසක මුදුනේ තනනු ලබන්නකි. ආරක්‍ෂිත කුඩා ගෘහය යන අදහස ද දෙයි. කූටාගාරසාලා නමින් ප්‍රකට වූ කුටියක් බුදුරදුන් සිය කුටිය කොට වාසය කළ වග සාරත්තදීපනී ටීකාවට අනුව සිතිය හැක. සමන්තපාසාදිකා, පපඤ්චසූදනී, සුමංගල විලාසිනි, මනෝරථපූරණී, උදානට්ඨකථා ආදී ග්‍රන්ථයන් හි ද කූටාගාරය ගැන සඳහන් වේ. මේවාට අනුව විමසා බැලූ කල කැණිමඬලක් සහිතව ටැම් මත්තෙහි කළ ප්‍රාසාදයට ‘කූටාගාරය’ නම ලැබී ඇත. මෙය චතුරස‍්‍රාකාරව ද වෘත්තාකාරව ද ඉදිකරන්නට ඇත. කෙසේවෙතත් කූටාගාරය යනු ප්‍රාසාදයක කොටසක් මිස තනි ගොඩනැගිල්ලක් නොවන වග පැහැදිලිය. අමාවතුරෙහි 150, 194, 195, 265, 276, 277 ආදී පිටු බලන්න. (කෝදාගොඩ ඤණාලෝක සංස්කරණය 2004)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.