ක්‍රි. ව. 1වන සියවසේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ රාජ වංශයකි. චීන තුර්කිස්ථානයේ. තුන්-හු ආන් ප්‍රදේශයටත්, තිඑන්-ෂාන් කඳුකරයත් අතර ප්‍රදේශයේ දිවි ගෙවූ යු-චී නම් ගෝත්‍රයකින් පැවත එන ජන කොට්ඨාසයකි. (බස්නායක. එච්. ටී. 1998. පරි. 200) උතුරු ඉන්දියාවේ ඔවුන් පිහිට වූ රාජධානියේ පුරෝගාමියා වූයේ කියෝ-ෂියො-කි ඕ හෙවත් කුජුල කැඞ්පයිසස් ය. හු ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ බලය පිහිටුවා ගත්තේ ක්‍රි. ව. 25දී පමණ යැයි ද එතැන් පටන් ක්‍රි. ව. 65 පමණ දක්වා රාජ්‍ය කරන්නට ඇතැ’යි ද අනුමාන කෙරේ. එතැන් පටන් තෙවන කණිෂ්ක රජු දක්වා මෙම වංශයෙහි දේශපාලන කටයුතු මූලාශ‍්‍ර මගින් තරමක් දුරට නිරවුල්ව ඇතත් මෙම වංශයේ අවසානය කෙසේ වී ද යන්න අවිනිශ්චිතය.
කලා විෂයයන් යටතේ ඔවුන්ගේ යුගයේ වැදගත්කම මතුවන්නේ හේතු කාරණා කිහිපයක් නිසාවෙනි. මහායාන බුදුසමය වඩාත් ප්‍රචලිතව ගිය මේ යුගයේ ඊට සමගාමීව බෞද්ධ කලාශිල්ප ද වර්ධනය විය. අපරදිග කලා ආභාසය ඉන්දියාවට ද ලැබුණි. පළමුවරට බුදුරුව මනුෂ්‍ය ශරීර ස්වරූපයෙන් නිර්මාණය වූයේ මේ යුගයේ යැයි විශ්වාස කෙරේ. ගන්ධාර හා මථුරා කලා සම්ප්‍රදායන්ට තිඹිරිගෙය වූයේ කුෂාණ යුගයේ සාමකාමී වාතාවරණයත් සශ‍්‍රීකභාවයත් ය. ‘‘සකමො බොදෝ ” යනුවෙන් සඳහන් කාසි කණිෂ්ක රජ දවස පිළිබඳ තොරතුරු ගවේෂකයින්ට හමු වී ඇත. ඊට අනුව බුදුරුව මුල්වරට මේ යුගයේ නිර්මාණය වී යැයි පිළිගැනේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.