බටහිර ඉන්දියාබදව තිබූ පැරණි රාජධානියකි. අංගුත්තර නිකාය අනුව පෙනී යන්නේ මෙය සොළොස්මහා ජනපද වලින් ද එකක් බව යි. ජෛන භගවතී සූත්‍රයේ මාලව නමින් දක්වා ඇත්තේ ද අවන්තිය යැයි හේමචන්ද්‍ර රායි චෞදරී මහතා විශ්වාස කරයි. බෙත්වා, චම්බාල් ආදී නදීන් මේ ආශ්‍රිතව ගලා ගොස් තිබේ. බෙත්වා නදියෙන් දකුණේ කොටස දක්ෂිණ අවන්ති නමින් හඳුන්වා ඇත. අවන්තියේ අගනගරය වූයේ උජ්ජේනිය හෙවත් උදේනි නුවරයි. ගුත්තික කාව්‍යයේ ද මේ නම සඳහන් වේ. මෙය උතුරු වයඹ හා දකුණු ඉන්දීය ප්‍රදේශ යා කළ ප්‍රධාන වෙළඳ මාර්ගයක සන්ධිස්ථානයක් වූ බව ද ඓතිහාසික සාධක අනුව පෙනී යයි. දක්ෂිණ අවන්තියේ ප්‍රධාන නගරය වූයේ මාහිෂ්මතිය යි. මාහිෂ්මතියේ සිටි වෙස්සභූ නම් රජෙකු පිළිබඳව දීඝනිකායේ මහාගෝවින්ද සූත්‍රයේ සඳහන් වේ. බුද්ධකාලීනව මෙහි සිටි චණ්ඩපජ්ජෝත නම් පාලකයෙකු පිළිබඳව ද සඳහන් වේ. මේ රාජ්‍යය සොළොස්මහ ජනපද වර්ධනීය අවස්ථාවේ මත්ස්‍ය න්‍යාය අනුව සෙසු කුඩා ජනපද යටත්කරගෙන ප්‍රබලත්වයට පත් වූ රාජ්‍ය 4න් එකක් බවට ද පත්විය. නමුත් අවසානයේ මෙය මගධයේ යටත් රාජ්‍යයක් වූ අතර මගධයේ දෙවන වර්ධන අවස්ථාව වන විට බින්දුසාර රජු යටතේ මෙහි අශෝක කුමරා යුව රජු වශයෙන් කටයුතු කර ඇත. නමුත් ඒ් වන විට එහි වඩාත් කැපී පෙනෙන නගරය බවට පත්වූයේ විදිසාව හෙවත් වේදිසගිරිය යි. අටවන සියවසට පසු අවන්ති ප්‍රදේශය හැඳින්වීමට යොදාගෙන ඇත්තේ මාල්වා හෝ මාලව යන නාමයන් ය.