උතුරු ඉන්දීය නගරයකි. ගංගා යමුනා නදීන් එක්වන්නේ මෙම නගරයේ දීය. හින්දූන්ගේ පූජනීය නගරයකි. ප්‍රයාග නමින් ද හැඳින් වේ. අශෝක අධිරාජයාට අයත් ටැම් ලිපියක් ද මෙහි තිබේ. එම ලිපියේ ම එක් පසෙක සමුද්‍රගුප්ත අධිරාජයා පිළිබඳ ප්‍රශස්තියක් ද තිබේ.(අලහබාද් ප්‍රශස්තිය)