මහා සානුව

හින්දුස්ථානයෙන් දකුණේ වින්ධ්‍යා හා සත්පුර කඳුවලින් දකුණු ප්‍රදේශයයි. දකුණු කෙළවර ඇත්තේ නිල්ගිරි කඳුය. මෙය අර්ධද්වීපික ඉන්දියාව ලෙස ද හැඳින්වේ. මෙය ඩෙකෑන් සානුව හා වෙරළබඩ තීරුව ලෙස කොටස් දෙකකට බෙදේ. මෙහි නැගෙනහිර වෙරළ කොරමැණ්ඩල් වෙරළ ලෙස ද බටහිර වෙරළ මළබාර් වෙරළ ලෙස ද හැඳින්වේ. මෙම වෙරළ තීරු ආශ‍්‍රිතව නැගෙනහිර හා බටහිර ඝාට්ස් යනුවෙන් කඳුවැටි දෙකක් පිහිටා ඇත. නැගෙනහිර ඝාට්ස් කඳුවැටිය වඩාත් වැදගත් වන්නේ එය ගංගා කිහිපයකට තිඹිරි ගෙය වී ඇති බැවිනි. මේ ප්‍රදේශයේ ඇති ගංගා අතරින් ගෝදාවරී නදිය හැර සෙසු නදීන් වැදගත් සේ නොසැලකේ. මන්දයත් මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන මේවා වසරේ එක් කාලයක දී සිඳී යන බැවින් හා එම හේතුව නිසා ම කෘෂි කටයුතු වලට මේවායින් එතරම් දායකත්වයක් නොලැබෙන බැවිනි.