ඉන්දීය ඉතිහාසයේ තෝරතුරු ද ඇතුළත් වන ග්රන්ථයකි. නමුත් මෙය ඉතිහාසය රචනා කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියක් නොවේ. කෞටිල්‍ය හෙවත් චානක්‍ය නම් බ්‍රාහ්මණයාගේ කෘතියකි. චන්ද්‍රගුප්ත මෞර්ය රාජසභාවේ පුරෝහිත තනතුර හෙබවූ හෙතෙම විෂ්ණුගුප්ත ලෙස ද හැඳින්වේ. මොහුගේ මෙම කෘතිය මෞර්ය අධිරාජ්‍යයේ මුල් යුගය පිළිබඳ කරුණු සෙවීමට ඇති මුඛ්‍ය මූලාශ්‍රයක් සේ පිළිගැනේ. මෙය දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින් ලියැවී ඇත.