පැරණි ඉන්දියාවේ බලවත්ව සිටි ගෝත්‍රයකි. අර්ජුන නමැති පාණ්ඩ්‍ය කුමාරයාගෙන් හෝ අර්ජුන නමැති හයිහය රජුගෙන් පැවත එන පිරිසික් යැයි අනුමාන කෙරේ. ඔවුන් අග්‍රා හා මථුරාවට බටහිරින් පිහිටි ප්‍රදේශයත් රාජපුතානාවේ අල්වාර් හා භරත්පුත් ප්‍රදේශයේත් පාලන කටයුතු සිදුකළ ගෝත්‍රික පිරිසකි. ‘අර්ජුනායනානාම්ජයා’ යනුවෙන් සඳහන් කාසි මේ රජවරුන් විසින් නිකුත්කරන ලදුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. වරාහමිහිර සඳහන් කරන්නේ ක්‍රි.ව.6වන සියවස වනවිට උතුරු ඉන්දියාවේ පසු ජන කණ්ඩායම් අතර අර්ජුනායනවරු ඉතා වැදගත් ජන කොටසක් බවයි. ක්‍රි.පූ.1වන සියවස මැදදී ඉන්දු ග්‍රීකයන් දුර්වලවීමත් සමග නැගී සිටි අර්ජුනායනවරු ඒ සියවස අග සක බලයට නතු වූහ. කුෂාණ පරිහානිය සමග යළි බලවත් වූ අර්ජුනායනවරු ක්‍රි.ව.4වන සියවස මැද දී ගුප්ත බලයට නතුවූහ.