WordPress WooCommerce Themes

රාමායනය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. භරතීය මහාකාව්‍යද්වයෙන් එකකි. මහාභාරතය හා රාමායනය යන මහාකාව්‍යද්වයෙන්  මෙය වඩා පැරණි කෘතිය යැයි ද, පෞරාණික ආර්ය සම්ප්‍රදාය පිළිබිඹු කරන කෘතිය යැයි ද පිළිගැනේ. වාල්මිකී නම් මහර්ෂිවරයා මෙහි කතුවරයා යයි විශ්වාස කෙරේ. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ.  රාමායනය හෙළි කරන ඉන්දියාවේ භූ ගෝලීය පර්ස්ථීතිය තරමක් කුඩාය. දක්ෂිණාපථයේ රාජධානි පිළිබඳව රාමායනයේ සඳහන් නොවේ. එහෙත් එහි සඳහන් වන දණ්ඩකාරණ්‍යය නම් මහ වනය දක්ෂිණාපථයේ පිහිටි එකකැ’යි විද්වත්හු විශ්වාස කරති. රාමායනය වත්මන් තත්ත්වයට වෙනස් වූයේ කවර කලෙකදැ’යි නිශ්චිත නැත. මෙම මහා කාව්‍යය 10 – 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ  භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.