වානර නායකයෙකි. අංජනා හෙවත් අංජනම් දේවියගේත්, කේසරී වානර රජුගේත් පුත්‍රයා ය. හනුමන්තා පිළිබඳ මුඛ්‍ය සටහන හමුවන්නේ භාරතීය මහා කාව්‍යයක් වන රාමායනයේ ය. හෙතෙම රාම රාවණා පුවතේ එන ප්‍රධාන චරිතයකි. රාම රජුට උපකාර කරමින් සිය වානර සේනාව ද සමගින් සමුදුර තරණය කර ලංකාවට ආවෙකි. ඉන්දියානු විශ්වාසය වන්නේ ආදම්ගේ පාලම යනු හනුමන්තා ප්‍රමුඛ වානර හමුදාවේ සහය ඇතිව රාම විසින් කරවූ සේතුවක් හෙවත් පාලමක් බව යි. රාමසේතුව නමින් ඔවුන් එය හඳුන්වන්නේ ඒ නිසා ය. ලංකාවේ දී හනුමන්තා මහත් විනාසයක් කළ බව ද රාමායනය නම් ප්‍රවාද කතාව අනුව පෙනී යයි. වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි ලංකාවේ රාවණා හා යුධ කරන අතරතුර තුවාල ලැබූ රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් සුව කිරීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කර තිබේ. නමුත් හනුමන්තා මේ ගමන පිටත්ව ගියේ හොඳ සිහිබුද්ධියකන් යුතුව නොවේ. පිරිමින් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවණ සටන ගැන සිතමිනි. මෙලෙස හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබූ බව සදහන් වේ. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ විගස ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව රාමායනයේ සඳහන් වේ.
වරක් උඩරට වන්නම් 18 අතර හනුමා වන්නම ද හනුමන්තා මුල්කර ගනිමින් නිර්මාණය වන්නට ඇත. එහි සුළු තනි තිතට අනුව ගයන වන්නම් ගීය අනුව වඳුරු ගමන් විලාසය නිරූපණය කරයි.
මතින් උඩඟු සිත ගතින් වැඩිය පෙර පැතුම් විලස දැරු මා නැණ
යෙනින් මෙලෙස ඉසිමතින් යෙදුව පෙර මෙවන් වරුණ හනුමා
(කවිය, මුදියන්සේ දිසානායක සූරීන් ගේ නර්තන වාක්කෝෂය අනුවය.)