WordPress WooCommerce Themes

අං කෙළිය


පැරණි සිංහල ජන ක්‍රීඩාවකි. අංකෙළි පූජාව, අං ඇදීම, අං පොරය ආදී නම් වලින් ද හැඳින්වේ. මෙය පත්තිනි දේවියගේ නමින් පවත්වන ක්‍රීඩා දොළොසින් පළමුවැන්න යි. මල් නෙළීම පිණිස සිය සැමියා වූ පාළඟ ලුරුන් සමග මල් උයනකට ගිය අවස්ථාවේ දෙදෙනාගේ කෙකි එකිනෙක පැටළුණු අතර ඒය බේරාගැනීම සඳහා දෙදෙනා ඇතර ඇති වූ තරගයක් මින් අනුස්මරණය කරන බව  සිංහල විශ්වකෝෂයේ පළමු කාණ්ඩයේ සඳහන් වේ. වසංගත ලෙඩ පැතිරෙණ විට හෝ නියඟ ඇති වූ විට ග්සියන් නියමිත ස්ථානයකට රැස් ව දෙ පිලට ඛෙදී ්පූජා සඳහා කරණ ක්‍රීඩාවක් වශයන් මෙය සුමංගල ශබ්දකෝෂයේ දක්වා තිබේ. මේ ක්‍රීඩාවෙහි දී ගෝණඅං ආදි අං දෙකක් ශක්තිමත් රැහැන් දෙකකින් බැඳ එකක් කැඩෙන තුරු අදිනු ලැබේ. යම් පිලක අග කැඩූනොත් ඒ පිල පරාජිත පිල වේ. තරගයෙන් දිනූ පිල සිය පිලේ අග ගම් මුළුල්ලෙහි කෙළිසෙල්ලම් නැටුම් සහිත පෙරහැරකින් ගෙණ යනු ලැබේ. අංකෙළි උපත නමින් ඇති සිවු පද පොතේ අංකෙළියේ උපත පිළිබඳ විස්තරයක් තිබේ. වැඩිදුර විස්තර පිණිස සිංහල විශ්වකෝෂයේ පළමු කාණ්ඩයේ 10 පිටුව බලනු මැනවි.

ඔබගේ පහසුව පිණිස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂයේ ලිපි සඳහා පිවිසුම් පහතින් දැක්වේ. අදාළ වෙබ් අඩවියේ කාලීන වෙනස්කම් අනුව අදාල දිගුව අක්‍රියව තිබියහැකිය

අංකෙළි උපපිළිබඳ ලිපිය මෙතැනින් පිවිස කියවන්න 

අංකෙළිය පිළිබඳ ලිපිය මෙතැනින් පිවිස කියවන්න

Ankeliya an keliya අං කෙළිය අං කෙලිය අන් කෙළිය අන් කෙලිය/span>

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.