ඉන්දියාවේ සබර්මතී නදියට ආසන්නව රාජස්ථානයේ පිහිටා ඇති කඳුවැටියකි. ශේෂ කඳුපන්තියකි. තිරුවානා හා පතුරු පාෂාණ වලින් යුතු බහිශ් පාෂාණ මෙහි පාෂාණ සංයුතියේ ප්‍රධාන කොටසයි. ගෞතමීපුත්‍ර රජු මේ ප්‍රදේශය ද සිය රාජධානියට ඈඳා ගත්තේය. මෙය ආරක්ෂක මධ්‍යස්ථානයක් සේ විවිධ අවස්ථා වල දී භාවිත වී ඇත. මූගල් සමයේ ඉන්දියාවේ දිල්ලි සුල්තාන්වැරයා වූ අලා-උද්-දීන් චිතෝර් බලකොටුව වටලා සිටි අවස්ථාවේ ඉන් පළා ගිය රාජ්පුත්වරු අරවල්ලි කඳුඅතර සැඟවී ෂතුරුට එරෙහිව ගරිල්ලා සටන් ඇරඹූ බව ඉතිහාස කෘති වල සඳහන් වේ. අක්බාර් රජුගේ බල ව්‍යාප්තියේ දී ඔහුගේ හමුදා චිතෝර් බලකොටුවට පහර දුන් අතර චිතෝර් බලකොටුවේ සිටි උදයසිං පළාගොස් සැඟවුණේ අරවල්ලි කඳුප්රදේශයේය.මූගල් පාලක ඖරංසෙබ් අධිරාජයා විසින් පැනවූ ජිශ්යා නම් බද්දට විරුද්ධව ඉන්දියානුවන් මෙහෙය වූ කැරැල්ලට නායකත්වය දුන් මේවාර්හි රාජ්සිං මූගල්වරුන්ට පහර දුන්නේ ද අරවල්ලි කඳුඅතර හිඳිමිනි.