බුරුමයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රදේශයකි. (බෙංගාල බොක්කෙහි වෙරළබඩ) ගෘහ කර්මාන්ත ලෙස රෙදි විවීම හා වේවැල් භාණ්ඩ සෑදීම සිදුකෙරේ. රක්ඛංග, රඛයිංජයි (රාක්‍ෂයින්ගේ රට) යන නම් වලින් ඔවුන්ගේ ම වංශ කතා වල හඳුන්වා ඇත. ක්‍රි.ව. 1531-1553 කාලයේ අරකනයේ රජ පත් ‘මින් බින්’ රජු ෂත්තවුන්, දුක්කථෙයින්, ලෙම්යෙථන, ෂ්මේඩවුං සහ අණ්ඩවු යන නම් වලින් යුතුව චෛත්‍ය 5ක් ඉදි කළේ ය. අණ්ඩවු චෛත්‍යයේ නිදන් කළේ ලංකාවෙන් ලත් දළදාවක් බව ද කියැවේ. ලක්දිව රජවරු ද අරකන් හෙවත් රක්ඛංග දේශය සමග සෘජු හා සමීප සබඳතා පවත්වා ඇති වග පෙනෙයි. පළමුවැනි විමලධර්මසූරිය රජු ලංකාවේ උපසම්පදාව යළි පිහිටුවීමට උපකාර ඉල්ලා සිටියේ රක්ඛංග දේශයෙනි. (ම.ව.94 පරි. 15 ගාථාව) දෙවන විමලධර්මසූරිය රජු රක්ඛංග දේශය සමඟ සෘජු සබඳතා පවත්වා ඇත. (ම.ව.97 පරි. 9 ගාථාව) ක්‍රි.ව.1785 දී බුරුමයේ බොදෙව්පායා රජු අරකනය ආක්‍රමණය කර එහි රජු වු පමද රජු සිංහාසනයෙන් නෙරපා මහාමුනි ප්‍රතිමාව ද රැගෙන ගිය වග ද කියැවේ.