(භීම්රාවෝ රාමජි අම්බෙඩ්කාර්) ඉන්දියාවේ හරි ජනයාගේ අසහාය නායකයා වශයෙන් පිළිගත් අතිශය බුද්ධිමතෙකි. හේ හරිජනයෙකු වශයෙන් ඉපිද අනන්ත බාධක දුක් කම්කටොළු මධ්‍යයේ ඉතා උසස් අධ්‍යාපනයක් ලබා, ඇමරිකා එක්සත් ජනපදයේ ද, මහා බ්‍රිතාන්‍යයේ ද උසස් අධ්‍යාපනය නිම කර යළි ඉන්දියාවට පැමිණ දේශපාලන කටයුතු වලට ද සම්බන්ධ විය. 1950 වර්ෂයේ දී කොළඹ දී පැවතී බෞද්ධ මහා සම්මේලනයේ කැපී පෙනුණු චරිතයක් වූ මෙතුමා 1956 බුද්ධ ජයන්ති අවස්ථාවේ දෙලක්ෂයක් හරිජනයා සමග බුදුදහම වැළඳ ගත්තේ ය.