අමිතාභ

මහායාන බුදුසමයෙහි ඉගැන්වෙන පස් බුදුවරුන් අතරින් කෙනෙකි. පස් බුදුවරුන් අතර ශ්‍රේෂ්ඨතමයා ද මුන් වහන්සේ යැයි පිළිගැනෙයි. අමිද යන නමින්ද තැනෙක දැක්වේ. අමිත අමිතයුෂ් ආදි නම් වලින් ද හැඳින්වෙන්නේ මුන් වහන්සේට යැයි  seeker’s Glossery of buddhism කෘතිය කියයි.  ධ-ම්-ට ඕ-ෆෝ යනුවෙන් චීන බසින් ද ජපානයේ අමිද යන නාමයෙන්ද වියට්නාමයේදී අදි දේ නමින් ද අමිතාභ බුදු රදුන් වන්දනාවට ලක්වේ. අමිතාභ යන්නේහි සංස්කෘති අරුත වෙන්නේ අපරිමිත වු ආලෝකය යන්නයි. අමිතයුෂ් යන්නෙන් අනන්ත වු ජීවනය අර්ථවත් කෙරේ. (ඉහත මුලාශ‍්‍රය ම) ක්‍රි.ව. 7 වන සියවසේදී පමණ චීනයේදී ශාක්‍යමුනි බුද්ධ  හා මෛත‍්‍රීය බුද්ධ යන සංකල්ප දෙක වෙනුවට අමිතාභ සංකල්පය ආදේශ විය. අමිතාභ බුද්ධ සංකල්පය හා බැඳි බෝධිසත්ත්ව සංකල්ප දෙකක් ද පවතී. ඒ මහාස්තාමප්‍රාජත හා අවලෝකිකේශ්වර හා බෝධිසත්වය සංකල්ප දෙකයි. මහායානික සූත්‍ර ගණනාවකට අමිතාභ බුදුන් වහන්සේ විශේෂ වශයෙන් වර්ණනා කොට මතුකර දක්වා ඇත. ඉන්දියාවේ නාගර්ජුන (2-3 සියවස) හා වසුබන්දු (5-6 සියවස්) යන ප්‍රමුඛ බුද්ධිමතුන් දෙදෙනා ද අම්තාභ බුදුරදුන්ගේ දර්ශනය විශ්වාස කළහ. චීනය සහ ජපානයේ පවතින විශ්වාසයට අනුව අමිතාභ බුදුරදුන් වනාහි පරමවූ සත්‍යයත් මානව වර්ගයාත් අතර අතරමැදියා  වන්නේය. (ඉහත මූලාශ‍්‍රයම) ඊට  අමතරව මහායානික විශ්වාසයක් වන්නේ අමිතාභ බුදුන් ඇදහීම්, උන්වහන්සේගේ දර්ශනය විශ්වාස කිරිම වනාහි උන්වහන්සේගේ රාජධානිය (වාසභුමිය) වශයෙන් සැලකෙන සුඛාවතී නම් පාරාදීසයේ උත්පත්තිය ලැබීමට තරම් වන බවයි. අමිතාභ බුදුන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී අවලෝකිතේශ්වර  සහ මහා ස්තාභප්‍රාජන බෝධිසත්ව රූප දෙකට මැදිකොට නිර්මාණය කෙරේ. සුභාවතී ව්‍යුහ අම්තායුර්ධ්‍යාන, අපරිමිතා යුෂ ආදි සූත්‍රවල ද සද්ධර්ම පුණධරික ග්‍රන්ථයේ ද අම්තාභ බුදුන් පිළිබඳ දැක්වේ. ඊට අනුව අම්තාභ නමින් බුද්ධත්වයට පත්වුයේ ධර්මාකර නම්  භික්ෂූන් වහන්සේ නමකි. සුභවති දේවලොව නිර්මාණය කළේ ද එසේ බුදුවූ අමිතාභ බුදුන් වහන්සේය. උන්වහන්සේගේ මානුෂීය බුද්ධ ස්වරූපය ගෞතම බුද්ධ ලෙස පිළිගැනෙයි. මුද්‍රාව ධභාන මුද්‍රාවයි.  පාත්‍රය සංකේතයයි. වාහනය ලෙස මයුරන් දෙදෙනෙක් වෙයි.  පැහැයෙන් රතුය.  මූලධාතුව ජලයයි. ස්ත‍්‍රී ශක්තිය වන්නේ පාණ්ඩරා නොයෙක් සිතාය. උන්වහන්සේ හා ආශ‍්‍රති ක්‍රෝධ රාක්ෂයෝ වන්නේ භය ග්‍රීව, කෝද, අවලෝකිත පීත භ‍්‍රැකුටි සහ කුරුකුල්ලාය. අමිතාභ බුදුරුව ස්ත‍්‍රී ශක්තිය ද සමඟ දැක්වෙන අවස්ථාවල උන්වහන්සේ හිසෙහි ඔටුන්නක් පැළඳ සිටින අයුරින් දක්වා ඇත. චීනයේ ඇතැම් පළාත්වල උන්වහ්නේසේගේ රූප අසාමාන්‍ය ලෙස දික්වූ අත් සහිත දක්වා ඇත. ඒවා චියෙන් යින් -පෝ නමින් හඳුන්වති. එහි අරුථ දෙව්ලොවට  මඟ පෙන්වන බුදුන් යන්නයි. ජපානයේ ඇතැම් තැනෙක ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතුව ද අමිතාභ රුව දැක්වේ. අමිතා යුෂ් ස්වරූපයේ ප්‍රතිමාවල ආභරණ දහතුනක් වෙයි.  ධ්‍යාන මුද්‍රණය යුතු අත් මත ඇටමාල හරතකිය. සැරසු අමෘත කලයකි. ඉන්  නැගෙන අශෝක පැළයකි. හිස කෙස් උරහිසට තරම් දිගය. හෙලමාල, පූජාධජ හා මාර්ගගතහ ස්ථාන වලද මේ ස්වරූපයේ අමිතා යුෂ් රූප ඇති අතර එය බොහෝ විට මඤ්ජු ශ‍්‍රී හා වජ‍්‍රපාණි බෝධිසත්වයෝ පිරිවරා සිටින අයුරින් දැක්වේ.