අන්තඃපුරය

ඇතුළුපුරය හා එහි රජුගේ අප්‍රධාන බිසෝවරුන් වාසය කරන කොටස. මහිෂී හෙවත් අගබිසව අන්තඃපුරයේ ප්‍රබල චරිතයක් වූ නිසා මෙම අප්‍රධාන බිසෝවරු හා රජු පවා තරමක් බියෙන් පසුවී යැයි බෂාම් සඳහන්කර තිබේ. අර්ථශාස්ත්‍රයේ සඳහන් වන්නේ අන්තඃපුර කාන්තාවන් සිටි පරිශ්‍රය මනා කොට රැකවල්ලා තිබූ බවත් හිතුමනාපයේ ඔවුන්ට ඉන් පිටතට යෑමට නොහැකි වූ බවත් ය.