අනෝමා

ගංගාවකි. කෝලිය දේශය මේ ආශ‍්‍රිතව පැවති බව කණිංහැම් මහත්මා විශ්වාස කරයි. බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන්නකි. වත්මන් ඉන්දියාවේ අවුද් හෙවත් පැරණි අයෝධ්‍යා ප්‍රදේශයේ ඇති කුඩා ගංගාවක් යැයි සිංහල විශ්වකෝෂයේ දක්වා තිබේ. ඒ්.සී. කාලයිල් මහතා විශ්වාස කරන්නේ ‘කුද්වා’ නමින් වර්තමානයේ හඳුන්වන්නේ මේ ගංගාව බව යි.