අනාථපිණ්ඩික

භාරතීය බෞද්ධ ඉතිහාසයේ හමුවන දානපති සිටුවරයෙකි. සුදත්ත නමින් ද හැඳින්වේ. සැවැත්නුවර සුමන නම් සිටුවරයාගේ පුත්‍රයාය. පුණ්ණලක්ඛණාවගේ ස්වාමිපුරුෂයාය. මෙතුමාට මහා සුභද්‍රා හා චූලසුභද්‍රා නමින් දියණියන් දෙදෙනෙක් ද, එක් පුත්‍රයෙක් ද විය. බුද්ධ කාලීනව බුදුසසුනේ අග්‍ර දායකයා වූයේ මෙතුමාය. අනාථ පුද්ගලයන්ට පිහිට වූ නිසා අනාථපිණ්ඩික නම ලැබීය. බුදුරදුන් වැඩි ම වාර ගණනක් වස් විසූ ජේතවනාරාමය(දෙව්රම්වෙහෙර) අතිවිශාල ධනස්කන්ධයක් වැය කොට ඉදිකර පූජා කළේ මෙතුමා ය.