අධ්‍යක්ෂවරු

අධීක්ෂණ මට්ටමේ නිළධාරියා. මේ වදනට දීර්ඝ අතීතයක් තිබේ. මිගැස්තිනීස් සඳහන් කරන පරිදි මේ පිරිස පහළ ම නිළධාරී පන්තියේ කටයුතු  අධීක්ෂණය කරන පිරිසකි.(අසිරිමත් ඉන්දියාව130 පිට. 2000 මුද්‍රණය) ලංකාවේ ශිලාලේඛන වල අදෙක නමින් මෙය හමු වේ. අදෙක යන්නට පෙර ඇති වදනින් ඔහුගේ විෂයපථය දැක්වේ. උදාහරණයක් ලෙස අස් අදෙක යනු අශ්වයින් පිළිබඳ අධ්‍යක්ෂවරයා ය. හති අදෙක යනු හස්තීන් පිළිබඳ අධ්‍යක්ෂවරයා ය. රුපදෙක(රූපාධ්‍යක්ෂ) යනු කාසි අච්චුගැසීම පිළිබඳ අධ්‍යක්ෂවරයා ය.