අට්ටාල

නගර, රාජධානි, මාළිගා හා බලකොටු ආදියේ ආරක්ෂාව පිණිස ප්‍රාකාර මත ආදී උස් ස්ථානවල ඉදිකරන චතුරස්‍රාකාර මුරකොටු විශේෂයකි. පැරණි භාරතයේ පාඨලීපුත්‍ර නගරයේ ප්‍රාකාරය මත අට්ටාල 570ක් වී යැයි මිගැස්තිනීස් සඳහන් කර තිබේ. පුරාවිද්‍යාත්මක කැණීම් වලදී ද මේ වැනි අට්ටාල නටබුන් හමු වී තිබේ.