අජිත කේශකම්බල

ලෝකායතවාදය හෙවත් උච්ඡේකවාදය ඉගැන්වූ බුද්ධකාලීන ශ‍්‍රමණයෙකි. මිනිස් හිසකෙස් වලින් කළ කම්බිලියක් දැරූ නිසා කේශකම්බල යන නම ලැබීය. ඔහුගේ ඉගැන්විම් වලට අනුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් ලෝකය සැදී තිබේ. පුද්ගලයා බිහිවන්නේ ද මේවායේ එකතුවෙනි. මරණයත් සමග යළි ඒවා ලෝකයේ පවතින භූත කොටස් හා එක් වේ. නැවත ඉපදීමක් හෝ සසර සරණ ආත්මයක්් නැත. දානයේ ඵල විපාක නැත. එසේ තිබෙන්නේ යැයි කිම මෝඩයන්ගේ මුසාවකි. ආදී වශයෙන් ඉගැන්වූ ඔහු මිනිසුන්ට ඉඳුරන් පිනවිමට අවසර දුන්නේ ය. කාමසුඛල්ලිකානුයෝගය ජීවන දර්ශනය සේ ඉදිරිපත් කළේ ය.