අගමෙහෙසි

අග්‍රමහේෂිකා. ප්‍රධාන බිසව. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද(අග්‍රමහීෂි) භාවිත වූ නාමයකි. පශ්චාත් වෛදික යුගයේ දී  රජුට බිසෝවරුන් තිදෙනෙකු සිටි අතර ඉන් අග්‍ර බිසව ‘මහීෂි’ නමින් ද සෙසු බිසෝවරුන් පිළිවෙළින්, ‘වාවාතා’, ‘පරිවෘක්තී’ හා ‘පලාගලී’ නමින් හඳුන්වා තිබේ. ලංකාවේ දී රන්දෝලිය නමින් මහනුවර සමයේ හමුවන්නේ ද ඇය යි.