අක්ෂවාප

ඉන්දියාවේ වෛදික යුගයේ රාජ්‍ය නිළධාරියෙකි. රජුගේ බලය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමග, රාජ්‍ය පාලන කටයුතු තරමක් සංකීර්ණ වීමත් සමග බිහිවූ තනතුරක් ලෙස හඳුන්වාදිය හැක. මොහුගේ වගකීම වූයේ දාදු ක‍්‍රීඩාව මෙහෙයවීමයි. ඇතැම්විට එයින් රජයට හිමිවියයුතු බදු අයකර ගැනීම ආදී වගකීම් ඔහු වෙත තිබෙන්නට ඇත.