අක්ෂපාද ගෞතම

ඉන්දියාවේ ගුප්ත රාජවංශ පාලන සමයේ පැතිරගිය ආගමික මතවාදයක (න්‍යායවාදය) ආදි තකුවරයාය. (බස්නායක එච්. ටී., පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය, 1998 මුද්‍රණය 298 පිට) පැහැදිලිව සිතීම හා තර්කානුකූල විචාර ශක්තිය මෝක්ෂය ලැබීම සඳහා අනුගමනය කළයුතු මාර්ගය වශයෙන් පෙන්වා දුන්නේ මෙතුමාය. මෙය ෂඩ් දර්ශන  වලින් ද එකකි. එහෙත් බෂාම් මහත්මා කියන්නේ මෙය ධර්මවාදයකට වඩා තර්ක හා ඥාන විභාගවාදයක් සේ සැලකීම වඩාත් උචිත බවයි.