අකෙල

ඉන්දියාවේ බෙරාර් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයකි. ඓතිහාසික වැදගත්කමක් තිබේ. මෙහි තිබී ශාතකර්ණී, පුලුමාවි,ශිව ශ්‍රී පුළුමාවි,කන්ද ශාතකර්ණි,යඥ සාතකර්ණී,පුලහාමවී ආදී නම් භාවිත කළ ශාතකර්ණිවරුන්ට අයත් කාසි හමුවී තිබේ. ඊට අමතරව කුම්භ ශාතකර්ණී ක්‍රිෂ්ණ සාතකර්ණී ශක ශාතකර්ණී ආදී නම් සහිත කාසි ද හමුවී තිබේ.