අකිරිය වාදය

කර්මයක් නැතැයි පවසන වාදය. යම් ක්‍රියාවක විපාක ගෙනදෙන කර්මයක් කියා දෙයක් නැතැයි විශ්වාස කිරීම. බුද්ධකාලීන භාරතයේ සිටි පූර්ණ කස්සප අකිරියවාදියෙකි. ඔහුගේ දර්ශනය අනුව, පරපණ නැසීම, මං පැහැරීම, පරඹුවන් ඇසුර, බොරු කීම ආදී කිසිවක් පාප ක්‍රියා නොවේ. ඊට අමතරව, දන් දීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සංයමයෙන්, සත්‍ය පැවසීමෙන් පිනක් ද සිදු නොවේ. මේ අකිරියවාදයේ මුඛ්‍ය ඉගැන්වීම් ය.