WordPress WooCommerce Themes

අංග

අංග

උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය යි. මගධයේ රජකළ  භට්ටිය(බිම්බිසාර රජු ගේ පියා) පරාජය කොට මගධයෙන් කොටසක් අල්ලා ගත් අංග රාජ්‍යයේ බ්‍රහ්මදත්ත රජු රජගහනුවර(රාජගෘහය) අගනුවර කරගත්තේය. එහෙත් බිම්බිසාර රජු බ්‍රහ්මදත්ත රජු මරා අංග රාජ්‍යයේ මුල් අගනුවර වූ චම්පාව ද අල්ලා ගත්තේය. අජාසත් කුමරු එහි ආණ්ඩුකරු වශයෙන් පත් කළේය. එතැන් පටන් අංග රාජ්‍යයේ ස්වාධීනත්වය ඊට අහිමි විය. මෙම රාජධානිය අංග නමින් හැඳින්වීමට හේතුව කාමදේවයා හෙවත් අනංගයා මෙම ප්‍රදේශයේ දී සිය ශරීරය අත්හල නිසා යැයි රාමායනය කියයි. මහාභාරතය කියන්නේ අංග රට රජු මිලේච්ඡයෙකු වූ බවයි. කෙසේ වෙතත් අංගවරු සම්මිශ්‍රිත ජන කොටසක් වූ බවට සාධක ඇත්තේය. (එච්.ටී. බස්නායක මහතා ලියූ පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය කෘතියට අනුවයි.) ධනරට්ඨ නම් රජෙකු මෙහි රජකම් කළ බව මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වේ. කෙසේ වුව ද ක්‍රි. පූ. 6වන සියවසේ දී කාසි රාජ්‍යය පාලනය කළ බ්‍රහ්මදත්ත රජු අංග රාජ්‍යය සිය රාජ්‍යයට ඈඳා ගත්තේය.

BACK TO APP HOME

BACK TO WEB HOME

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.
Encyclopedia

අංගුරි බාග්

අංගුරි බාග් මූගල් පාලන සමයේ දී සා ජහාන් අධිරාජයා විසින් අග්‍රා හි ඉදිකළ ගොඩනැගිල්ලකි. මෙය ජහන්ගීර් මහල් නම් මන්දිරයට උතුරින් පිහිටා ඇත.