ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ මූලාවස්ථාව වශයෙන් ද පිළි ගැනේ. අං සහිත ඔටුන්නක් පැළඳ සිටින මෙම දෙවියා ඉන්දුනිම්න වැසියන්ගේ වන්දනයට පාත්‍ර වූ පශුපති ම යැයි පොදුවේ පිළිගැනේ. අං සහිත හිස්වැස්මක් පැළඳි මෙම දෙවියා යෝගී විලාසයකින් හිඳියි. ඔහුගේ ලිංගය සෘජුව හා පැහැදිලිව දක්වා තිබීමෙන් ලිංග වන්දනාව පිළිබඳව ද ඉඟියක් සපයා ඇත. ඔහු වටා ඇතා, කොටියා, රයිනෝසිරස් හා මී ගවයා (මහීෂ)යන සතුන්ගේ රූප කැටයම් කර ඇති නිසා පශුපති යනුවෙන් හඳුනාගෙන ඇත. මෙම දෙවියන්ගේම තවත් ආකෘති හමු වී ඇති අතර එයින් දෙකක දෙවියන් මිටි පුටුවක හෝ මිටි වේදිකාවක ඉඳගෙන සිටියි. තවෙකක බිම වාඩි වී සිටින ආකාරය දක්වා ඇත. සියල්ලේම යෝගී ඉරියව්වෙන් ම හිඳියි. දෙපා විලූඹ දෙක එකට ගැ ටෙන සේ දෙපා නවා දෙනෙත් නාස්පුඩු දෙසට යොමුකරගෙන සිටිනා මෙම ඉරියව්ව භාරතීය මුනිවරුන් අතර ප්‍රචලිත පද්මයෝගී ඉරියව්ව යැයි ද පිළිගැනේ. මිටි ආසනයක හිඳිනා දෙව්රුව සහිත මුද්‍රාවේ එම ආසනයට පහළ මුවෙකුගේ රුවක් ද ඇත. එයින් වෙනත් අදහසක් ගම්‍ය වන්නේදැයි නිශ්චිත නැත. අං සහිත පළඳනාවත් වළලූ රැසත් ග්‍රීවාභරණයත් හැරෙන්නට දෙවියන්ගේ සිරුර නිරුවත්ය. ශීර්ෂ පළඳනාවේ අං යුගලය අතර පැළෑටියක් (?) දක්වා ඇත. දෙවියන්ගේ මුහුණ රෞද්‍ර ලෙස දක්වා ඇත. ඊට හේතුව වන්දනා කරන්නන් තුළ දෙවියන් පිළිබඳ බියමුසු ගෞරවයක් ජනනය කිරීම විය හැක. හින්දු ආගමේ මූලාවස්ථාවක් ද මේ තුළ යම් තරමකින් දැක්වේ යැයි සැලකේ.
BACK TO APP HOME BACK TO WEB HOME |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.