eduhelp.lk යනු තවත් සමාන්‍ය අධ්‍යාපනික වෙබ් සේවාවක් නොවේ. ඉගෙනුම හා ඉගැන්වීමට අදාළ කටයුතු වලට ඔබට සහය වන අසමසම සේවා සපයන්නෙකි. දෛනිකව යාවත්කාලීන වන වෙබ් අඩවියකි. මෙයට පිවිස එම අසමසම සේවාව අත්විඳින්නට අපි ඔබට ඇරයුම් සෙනෙහසින් කරමු. එහි දී පහත විශේෂාංග අත්විඳින්නට හැකියාව පවතී.
ඔබගේ අධ්‍යාපන ආයතනය කුමක් වුවත් (රජයේ හෝ පෞද්ගලික) එය මෙරට ප්‍රජාවගේ පොදු අභිවෘද්ධියට, ප්‍රගමනයට උපකාර කරයි නම් ඔබගේ පුවත් අපගේ වෙබ් අඩවියේ නොමිලේ පලකරනු ලැබේ. ඒ සඳහා මෙතැනින් පිවිස අපට whatsapp පණිවිඩයක් එවන්න. විවිධ මිථ්‍යාවන්, ආගම් හෝ ජාතීන් අතර ගැටුම්, අසමගිය ඇතිවන ආකාරයේ හෝ අපහාස සිදුවන ආකාරයේ දැන්වීම් හෝ පුවත් පලකරනු නොලැබේ.
අපගේ පුවත් whatsapp සමූහයට මෙතැනින් එක්වන්න.
පුවත් පිටුවට මෙතැනින් පිවිසෙන්න
(අධ්‍යාපනික වශයෙන් වැදගත් වන සේවා ආයතන/ වෙබ් අඩවි ආදිය සඳහා පිවිසුම් හා මගපෙන්වීම් සපයයි.)
අධ්‍යාපන සේවා වෙත මෙතැනින් පිවිසෙන්න
සිංහල වචන සඳහා අර්ථ සැපයෙන සේවාවකි. තව ම දත්ත ඇතුළත් කෙරෙමින් පවතී. ඉදිරියේ දී මේ සේවාවට අර්ථදැක්වීම් පමණක් නොව සමාන පද, විරුද්ධ පද, භාවිතය පිළිබඳ උදාහරණ, වෙනත් භාෂා ආදියද එක් කිරීමට සැලසුම් කර තිබේ.
ඔබට විවිධ තේමා යටතේ තොරතුරු ලබාගැනීමේ පහසුව මෙහි තිබේ. උදාහරණයක් ලෙස ඔබ අසෝක රජු පිළිබඳ තොරතුරු සොයන්නේ නම්…එහි පිරික්සුම් කොටුවේ එම වදන පරීක්ෂා කළ විට ඊට අදාළව දත්ත ප්‍රමාණයක් ලැබේ. නමුත් ඇතැම් මාතෘකා පිළිබඳ විස්තරාත්මක දත්ත ඇතුළත් කර නැත. හැඳින්වීමක් පමණක් ඇතුළත් කර තිබේ. මෙහි අරමුණ දත්ත විශාල ප්‍රමාණයක් ලබා දීමටත් වඩා ඒ පිළිබඳ මූලික හැඳින්වීමක් කිරීමයි. ඒ තේමාව පිළිබඳ වැඩි දුර විස්තර අපගේ පුස්තකාලයෙන් හෝ වැඩි විශ්වසුචිය ඔස්සේ හඳුනාගන්නා පොත් වලින් ලබාගතහැක. මෙය ද තව ම දත්ත ඇතුළත් කෙරෙමින් පවතින සේවාවක් නිසා ඇතැම් විට ඔබේ පිරික්සුමට අදාළ තොරතුරු නොලැබෙනු ඇත. නමුත් ක්‍රමයෙන් මෙය වර්ධනය වන නිසා…නිසැකව අප හා රැඳී සිටින්න.
(Universal index) (විවිධ තේමාවන් පිළිබඳ තොරතුරු ලබා ගතහැකි පොත් හඳුන්වා දීම.)
යම් අයෙකුට පර්යේෂණ හෝ වෙනත් අවශ්‍යතාවක් පිණිස තොරතුරු ගවේෂණයට පෙර විශ්ව සුචිය පරීක්ෂා කිරීමෙන් එම තේමායට අදාළ තොරතුරු ඇති දේශීය හා විදේශීය පොත් හඳුන්වා දීම මේ මගින් සිදු කෙරෙයි. මේ සඳහා ලංකාවේ හා විදෙස් රටවල ප්‍රකාශිත පොත් වල අන්තර්ගතයන් (පටුන හා සුචිය) ඇතුළත් තොරතුරු පද්ධතියක් ස්ථාපනය කෙරෙයි. ඉදිරියේ දී පොත් ප්‍රකාශකයින් හා සම්බන්ධ වී කාලීනව යාවත්කාලීන කිරීමට අපේක්ෂා කරයි. මෙහි තව ම දත්ත ඇතුළත් කෙරෙමින් පවතින අතර දැනට ඇතුළත් කර ඇති විස්තර අනුව ඔබට සේවාව පරීක්ෂා කළ හැක.
විශ්ව සුචිය වෙත මෙතැනින් පිවිසෙන්න
(මෙයට තව පින්තූර ඇතුළත් කරමින් පවතී. සෑම විෂය අවශ්‍යතා සඳහා පින්තූර සපයයි.)
පින්තූර බැංකුව වෙත මෙතැනින් පිවිසෙන්න
(විෂයානුබද්ධ හා අතිරේක කියවීම් අවශ්‍යතා සපුරාලයි)
මේ සියලු සේවා අප විසින් නොමිලේ සපයන සේවාවන් වේ. නිරන්තරයේ අප හා රැඳී සිටින්න. ඉදිරියේ දී හඳුන්වාදෙන නවතම සේවාවන් අතිවිඳින්න. නිසැකව ම අපි ඔබගේ ප්‍රධාන ඉගෙනුම් සහකරු වනු ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.