WordPress WooCommerce Themes

ප්‍රතිඵල බලලා හරි දේ හරියට කරන්න….

අපි ගොඩක් වෙලාවට විභාග ප්‍රතිඵල තුළින් උද්දාමයට හෝ දැඩි කළකිරීමට පත් වෙනවා.

නමුත් ඔබ දන්නවා ද අදාළ කඩමියට වඩා ඉහළින් හෝ පහළින් සිටින සැමට ඒ කියන්නේ කට වචනයට අනුව සමත් හෝ අසමත් කියලා කියන සැමට අනාගතයේ උපරිම තෘප්තියෙන් යුතුව, වඩාත් හොඳ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරලා ඒ තුළින් වඩාත් ආලෝකවත් ජීවිතයක් ගොඩනගා ගතහැකි බව?

නමුත් අපි වැඩි වශයෙන් දකින්නේ රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, රජයේ රැකියාවන් ම අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්…..

මේ වගේ  ඔබගේ කාලය නාස්ති කරන්න එපා. හරි ක්‍රමයට හරි දේ කරන්න. වරදින්නේ නෑ. පහත උපදෙස් හොඳින් කියවන්න. ඇත්තට ම මේ සඳහා ඔබ කළ යුත්තේ පොඩි වෙලාවක් අරගෙන මේ උපදෙස් ගැන හොඳින් හිතලා හරියට ම හරි දේ හරි වේලාවට ක්‍රියාතක්මක කිරීම පමණයි.

  1. විශේෂයෙන් ම ඔබ පළමුව ඔබගේ වෘත්තීය ළැදියාව පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දියයුතුයි. (අපගේ වෙබ්අඩවිය හරහා Online ක්‍රමයට හෝ ඔබ දන්නා හඳුනන වෘත්තීය උපදේශකවරයකු මගින් එයට මුහුණ දිය හැකියි.) මේ සඳහා සුළු අයකිරීමක් තිබුණත් තේරුමක් නැති පාඨමාලා සඳහා විශාල වියදමක් දරලා ඒ මුදල අපතේ හරිනවාට වාඩා දහස් ගුණයක් ලාභදායකයි. ඒ මගින් ඔබට සුදුසු ම පාඨමාලාව කුමක් ද කියලා හරියට ම, විද්‍යාත්මක ක්‍රමයකට තේරුම් ගන්න හැකියි. ඔබ විශ්වවිද්‍යාලයට තේරේවි කියා විශ්වාසයක් තිබෙනවා නම් එහිදීත් මේ පරීක්ෂණය අතිශයින් වටිනවා.
  2. ඔබට පුළුවනි අපගේ වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් විවිධ පාඨමාලා පිළිබඳ විස්තරත්, ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ආදියත් හොයා බලන්න. ඒ වගේ ම විශ්වවිද්‍යාල වල විවිධ පාඨමාලා සඳහා පසුගිය වසර වලට අදාළ z අගයන් පවා පහසුවෙන් ම බලා ගන්න පුළුවනි. ඒ සඳහාත් විස්තර පහතින් තියනවා. ඒ තුළින් ඔබට දල අවබෝධයක් ලබා ගන්න පුළුවනි.
  3. ලංකාවේ හා ලෝකයේ විවිධ රැකියා ගැන, වැටුප්තල ගැන, නව රැකියා ප්‍රවනතා ගැන නිරන්තරයෙන් අවදියෙන් ඉන්න. ඒ සඳහාත් අපේ වෙබ් අඩවියෙන් සේවා ලබා ගන්න පුළුවනි. ඒ විස්තරත් පහළින් ඇති.
  4. ඔබේ හීනය ගොඩනගන්න නම් මේ දේවල් අනුගමනය කරන්න ම ඕනා. නැත්නම් අඳුරේ අතපත ගාලා අනතුරු කරගන්න එපා. ඔබට මේ ලෝකයේ කොතැනක හෝ අනිවාර්යය ඉඩක් තියනවාමයි. ඒක හඳුනාගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතිං හරියට ම හරි වෙලාවට, හරියටම හරියන පාඨමාලාව තෝරාගෙන හරියයට ම කරන්න. ඔබට නිසැක ජයක් තිබෙනවා.
  5. පහතක සේවාවන් සඳහා ඔබ යළි පිවිසීමේදී මේ පුවත ඔස්සේ ම ආයුතු නෑ. ඒ සඳහා කළ යුත්තේ www.eduhelp.lk අපගේ වෙබ් අඩවියට පිවිස ‘අධ්‍යාපන සේවා’ වලට පිවිසීම පමණයි.

සබැඳි ලිපි

NewsParent

ලෝක ළමා හා වැඩිහිටි දින සිතුවම් නිර්මාණ තරගය-2024 ප්‍රතිඵල

6-11 කාණ්ඩය පළමු ස්ථානය-බඹරැන්දෙ ගමගේ රිද්මි අමාෂා, 3m81, ජාතික නිවාස සංකීර්ණය, කිරිබත්ගොඩ. දෙවන ස්ථානය-දෙව්මිණි යෙනුල්‍යා පණ්ඩිතවිතාන, 57/3, ජාතික නිවාස සංකීර්ණය, නාමල් පෙදෙස, කිරිබත්ගොඩ තෙවන ස්ථානය-ගම්ලත්...
NEWS_EXAM

දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු

දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2025 වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.