ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත් වී කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල පිළිබඳ විශේෂ උපාධියක් හැදෑරූ ඇය මේ වන විට ලේඛිකාවක වශයෙන් සිය හැකියාව ප්‍රකට කරමින් සිටින්නී ය. එ මතු නොව ඇයගේ සොදුරු කතා හැඩ කරනා සිත්තරිය ද ඇය ම නිසා ඒ කතා තව තවත් සුන්දර ආකර්ශණීය තත්ත්වයට පත් කරන්නට ඇයට හැකියාවක් තිබේ. මෙවර කඩුල්ල ප්‍රකාශන ආයතනයේ 2023 සාහිත්‍ය මෙහෙවර නවක නිර්මාණ තරගයේ ඇය ප්‍රථම ස්ථානය දිනා සිටින්නී ය. ඇයගේ සිතුවම් අපට අපගේ ළමා කාලය හැඩ කළ සිබිල් නැන්දාගේ සොදුරු සිතුවම් සිහිපත් කරන්නේ නිතැතිනි. මතු දිනෙක සිබිල් නැන්දාගේ අඩුව පුරවාලන්නට හැකියාව ඇති ඇයට eduhelp ආයතනයේ අපි සුභ අනාගතයක් වේවා’යි ඉතසිතින් ම පතන්නෙමු.
ඇයගේ නිර්මාණය පිළිබඳ කඩුල්ල ආයතනයේ මුහුණු පොත් පිටුවෙන් උපුටාගත් විස්තරය පහතින් පල කරමු. ඇයගේ නිර්මාණ දිවියට ආශිර්වාද කිරීම, අත දීම අප සැමගේ යුතුකමක් සේ සලකමු. ඇය මතු දිනෙක ජාතියේ දූ දරුවන්ගේ ළමා කාලය ආලෝකවත් කරනු ඇත.
කඩුල්ල ප්‍රකාශන සාහිත්‍ය මෙහෙවර-2023 (පළමු ස්ථානය නවක නිර්මාණ )
“සිංදුමතියි බිංදුමතියි ” කතාවේ කතුවරිය කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් නවක නිර්මාණවේදිනියකි. කතාවේ මුල් කොටසේ දී සිංදුමතී තම ගෙවත්තේ මල් පවා බෙදාගන්නට අකමැතිය. නමුත් ඇය බෙදා හදා ගැනීම තුළින් ආත්ම තෘප්තිය ලැබෙන බව ඉගෙන ගනී. එය අපටත් කියා දෙයි.
කඩුල්ල ප්‍රකාශන ආයතනය 2023 වසරේ දී පවත්වනු ලැබූ සාහිත්‍ය මෙහෙවර ළමා කෘතීන් හඳුන්වාදීමේ සාහිත්‍ය තරඟයේ(නවක නිර්මාණ කරුවන්ගේ ) ප්‍රථමය ස්ථානය දිනාගත් කෘතිය මෙයයි. මෙම කෘතියේ චිත්‍ර ඉෂාරා තරංගනී විසින්ය.
ඊට පස්සේ හැම දවසක ම සින්දුමතී මල් වලට හොඳට සාත්තු කළා .වෙනදාටත් වඩා ලස්සන ලස්සන මල් සින්දුමතීගේ මල්වත්තේ පිපෙන්න පටන් ගත්තා . බින්දුමතී මල්වට්ටියක් පිරෙන්නම මල් කැඩුවා. “බිංදු…. බිංදු… මං මල් ගෙනාවා ඔයාට. මේ මල් ඔක්කෝම ඔයාට” සින්දුමතීගේ වෙනස්වීම දැකලා බිංදුමතී ගොඩක් සතුට හිතුණා.
දුරකතන මාර්ගයෙන් ඇනවුම් කිරීමට- 077 292 9505 . 0751583942 0112926969.
පැමිණ ලබා ගැනීමට- කඩුල්ල ප්‍රකාශන, 451/4 c, නුවර පාර .කඩවත .
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.