ලෝක ළමා හා වැඩිහිටි දින චිත්‍ර හා දැනුම මිනුම තරගාවලිය.

චිත්‍ර තරගය

චිත්‍ර තරගය-වයස් කාණ්ඩ 3ක් යටතේ පැවත්වේ.

අවුරුදු 6-11 කාණ්ඩය.
  • තේමාව-අන්තර්ජාලයෙන් හොඳ දේ උගනිමු.
  • චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18×14(සම්පූර්ණ තලය ම සිතුවම සඳහා භාවිත කළයුතු ය.)
  • මාධ්‍ය ඕනෑම මාධ්‍යයක් තනිව හෝ මිශ්‍රව භාවිත කළ හැක. මකන දියර (Correction fluid) භාවිත නොකළයුතුය.
  • තැපැල් මගින් චිත්‍රය එවියයුතු අතර මුල් පිටපත් පමණක් භාරගැනේ.
  • ඩිජිටල් මාධ්‍ය නිර්මාණ සඳහා මෙම තරගය විවෘත නොවන නිසා මුද්‍රිත සිතුවම් නිර්මාණ භාර නොගැනේ.
  • ජයග්‍රාහකයාට ‘Eduhelp වසරේ ළමා සිත්තරා’ සම්මානය සමග මුදල් ත්‍යාගයක් හා වටිනා සහතිකයක් පිරිනැමෙන අතර කැමැත්ත මත අන්තර්ජාල යහ භාවිතය පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවට සහභාගී විය හැක.
  • මීට අමතරව කුසලතා සහතික 10ක් පිරිනැමේ
අවුරුදු 12-15 කාණ්ඩය.
  • තේමාව-අන්තර්ජාලය ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිත කරමු.
  • චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18×14(සම්පූර්ණ තලය ම සිතුවම සඳහා භාවිත කළයුතු ය.)
  • මාධ්‍ය ඕනෑම මාධ්‍යයක් තනිව හෝ මිශ්‍රව භාවිත කළ හැක. මකන දියර (Correction fluid) භාවිත නොකළයුතුය.
  • තැපැල් මගින් චිත්‍රය එවියයුතු අතර මුල් පිටපත් පමණක් භාරගැනේ.
  • ඩිජිටල් මාධ්‍ය නිර්මාණ සඳහා මෙම තරගය විවෘත නොවන නිසා මුද්‍රිත සිතුවම් නිර්මාණ භාර නොගැනේ.
  • ජයග්‍රාහකයාට ‘Eduhelp වසරේ ළමා සිත්තරා’ සම්මානය සමග මුදල් ත්‍යාගයක් හා වටිනා සහතිකයක් පිරිනැමෙන අතර කැමැත්ත මත අන්තර්ජාල යහ භාවිතය පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවට සහභාගී විය හැක.
  • මීට අමතරව කුසලතා සහතික 10ක් පිරිනැමේ
අවුරුදු 16-18 කාණ්ඩය.
  • තේමාව-වඩාත් හොඳ අධ්‍යාපනයක් උදෙසා අන්තර්ජාලය භාවිත කරමු.
  • චිත්‍රයේ ප්‍රමාණය අඟල් 18×14(සම්පූර්ණ තලය ම සිතුවම සඳහා භාවිත කළයුතු ය.)
  • මාධ්‍ය ඕනෑම මාධ්‍යයක් තනිව හෝ මිශ්‍රව භාවිත කළ හැක. මකන දියර (Correction fluid) භාවිත නොකළයුතුය.
  • තැපැල් මගින් චිත්‍රය එවියයුතු අතර මුල් පිටපත් පමණක් භාරගැනේ.
  • ඩිජිටල් මාධ්‍ය නිර්මාණ සඳහා මෙම තරගය විවෘත නොවන නිසා මුද්‍රිත සිතුවම් නිර්මාණ භාර නොගැනේ.
  • ජයග්‍රාහකයාට ‘Eduhelp වසරේ යොවුන් සිත්තරා’ සම්මානය සමග මුදල් ත්‍යාගයක් හා වටිනා සහතිකයක් පිරිනැමෙන අතර කැමැත්ත මත අන්තර්ජාල යහ භාවිතය පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවට සහභාගී විය හැක.
  • මීට අමතරව කුසලතා සහතික 10ක් පිරිනැමේ

තරගය පිළිබඳ විශේෂ දැනුවත්කිරීම් edu+ ඉ සඟරාව ඔස්සේ සිදුකෙරේ.

සියලු නිර්මාණ www.eduhelp.lk වෙබ් අඩවියෙන් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ.

සියලු සිතුවම් දෙ ආකාරයට විනිශ්චය කෙරෙන අතර ප්‍රේක්ෂක මතය හා විෂය ප්‍රවීණයින්ගේ මතය අනුව ජයග්‍රාහකයින් තෝරාගැනේ.

 

දැනුම මිනුම තරගය

වයස් කාණ්ඩ 2ක් යටතේ පැවත්වේ.

  • වයස අවුරුදු 18ට අඩු ළමා කාණ්ඩය
  • වයස අවරුදු 18ට වැඩි වැඩිහිටි තරගය
  • තරගය 2024 මැයි මස ආරම්භ වන අතර සැප්තැම්බර් මාසය දක්වා පැවත්වේ. මාසිකව ලබාදෙන ප්‍රශ්නාවලියක් සඳහා පිළිතුරු සැපයිය යුතු ය.
  • ප්‍රශ්නාවලී පලකරනු ලබන්නේ edu+ ඉ සඟරාවේ ය.(සඟරාව eduhelp.lk වෙබ් අඩවියෙන්,eduhelp සමාජ මාධ්‍ය පිටු වලින් හෝ eduhelp update whatsapp නාළිකාව ඔස්සේ ලබාගතහැක. ඒවාට අදාල සබැඳි මේ සමග දක්වා තිබේ.)
  • සෑම මසක ම 20 වැනිදා මෙය ලබාගතහැක.

ඒ ඒ කාණ්ඩ වල ජයග්‍රාහකයින් සඳහා eduhelp-Episteme Excellence Award සම්මානය සමග මුල්‍ය තිළිණයක් පිරිනැමෙන අතර වටිනා සහතිකපත්‍රයක් ද පිරිනැමේ.

පොදු උපදෙස්

සිතුවම් හා දැනුම මිනුම තරගාවලී ජයග්‍රාහකයින්ට තිළිණ හා සහතිකපත්‍ර කළුතර නගරයේදී පැවත්වෙන අවසන් උත්සව අවස්ථාවේ දී හෝ කූරියර් සේවාවක් ඔස්සේ නිවසට ම ගෙන්වාගැනීම යන ක්‍රම දෙකෙන් එකකට සිදු කළ හැක.

ජයග්‍රාහකයින්ට සිය කැමැත්ත මත අන්තර්ජාල යහ භාවිතය පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවට සහභාගී විය හැක.

ජයග්‍රාහකයින් පිළිබඳ විස්තර www.eduhelp.lk ඔස්සේ සහ අපගේ Youtube නාළිකාව ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙනු ඇත.

තරගය සඳහා ඉදිරිපත් කරන නිර්මාණ වල අයිතිය eduhelp ආයතනය සතු වේ.

සියලු තරගකරුවන් අප්‍රේල් මස 19 වැනි දිනට පෙර ලියාපදිංච වියයුුතු අතර තරගය පුරා කිසිදු අවස්ථාවක, කිසිදු හේතුවක් මත තරගකරුවන්ගෙන් කිසිදු මුදලක් අයකරනු නොලැබේ.

චිත්‍ර තරගයට සිතුවම් ඉදිරිපත් කළයුතු අවසන් දිනය 2024 අගෝස්ත් 31 වැනිදා.

 


පහත සබැඳි ඔස්සේ අප හා සම්බන්ධ වී සිටින්න.