විශිෂ්ට ව්‍යවහාර -2023-කළුතර ඥානෝදයේ අලුත් වැඩක්

 

“සුසර ගීත යාත්‍රා “

දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා මතුකරගැනීමටත් ඒවා එළිදැක්වීමටත් අවස්ථාවක් ලබා දෙමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක ප්‍රථම එළිදැක්වීම අද දින එනම් 2023ක් වූ ජනවාරි මස 17 වන දා කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ එළිමහන් වේදිකාවේදී සිදුවිය.

ගීත රචනයට හැකියාව ඇති දූ දරුවන් වෙත ලබාදුන් “පාසල් සමය” යන තේමාව ඔස්සේ ලැබුණු නිර්මාණ දහයකින් තෝරාගනු ලැබූ හොඳම පද මාලාව සංගීතය මුසු කර ගීතවත් විය.

පද රචනය- සවිඳු ආලෝක සෙනෙවිරත්න (උසස් පෙළ කලා අංශය)

තනු නිර්මාණය- චාමලී අශෝකා මිය (ඥානෝදය ම
වියේ සංගීත විෂය භාර ගුරුතුමිය)

ගායනය සහ වාදනය- සංගීත අංශයේ දූ දරුවන්.

විශේෂ ස්තූතිය

සංකල්පය සහ මගපෙන්වීම වෙනුවෙන්
ඥානෝදය මහා විද්‍යාලයේ විදුහල්පති කේ.කේ.සමන්ත මහතාට

ව්‍යාපෘතිය භාරකාරත්වය සහ මෙහෙයවීම වෙනුවෙන් , සහකාර විදුහල්පතිනි එඩ්නා විජේතිලක මහත්මියට,

නිර්මාණ තේරීමෙන් දායකත්වය දැක්වූ,

හේමා ශ්‍රියානි මිය
චන්දිමාලි ගලගොඩ මිය
චාමලී ගුණසිංහ මිය
යන ගුරු මහත්මීන්ට

සංගීත විෂය භාර චාමලී අශෝකා ගුරුමහත්මිය ඇතුළු සංගීත අංශයටත්

මාධ්‍ය සහය ලබාදුන් කැටපත් පවුර මාධ්‍ය ඒකකයට සහ

රූපමාත්‍රා ඡායාරූපකරණ ඒකකයටත්

පාසලේ ඇදුරු මඩුල්ලටත්

ගීතය රසවිඳි සිසු කැළටත්

 

ගී පද මාලාව

ළමා කාලය අපේ දිවියේ සුන්දරම කාලය කෙරූ
මව් පියන් හට පසුව දිවියේ දෙවැනි මව් පදවිය දැරූ
ජය පරාජය සතුට ශෝකය සමව විදිනට හුරු කෙරූ
සමු අරන් යන දිනය ළංවී විදු මවුන් තුරුලෙන් ගරූ

විහඟ රෑනක් විලස තිස්සේ සතුටු ගී පද මුමුනමින්
පියාපත් විහිදවමින් රිසි සේ ඉගිල ගිය සොහොරු පෙමින්
කළණ මිතු දම් රැන්දු ගුණ දම් හුරු කෙරූ මිනිසත් බවින්
විදු මවුන් තුරුලේ දැනුණු සෙනෙහස දැනේ අදටත් හොදින්

අයනු ආයනු අකුරු අහුලා වචන එකිනෙක ගලපමින්
දැනුම සොයනා ගමන ඇරඹු දින සිටම සවියක් වෙමින්
දිනෙන දින ගොඩ නැගූ දිවියම අමිල වූ නැණ ගුණ දමින්
පුදමි ගුරු මවු පියවරුන් හද පුරා නැගෙනා බැති මලින්


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්