ඔව්…අපි උදව් කරනවා ඔබට.


දැනට කළුතර දිස්ත්‍රික්කයට සීමා වී ඇති අපගේ ඇතැම් සේවා දීපව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ පාසල් හා අධ්‍යාපන කලාප මට්ටමෙන් අප ආයතනයට හැකි ආකාරයෙන් උපකාර කිරීම අපගේ අරමුණ යි. ඒ යටතේ නොමිලේ සැපයෙන සේවා පහත පරිදි වේ.

  • කලාප කාර්යාලයේ නමින් ම ප්‍රශ්නපත්‍ර ශීර්ෂ සකස්කර දීම.(දෙසතියකට පෙර දැනුම්දිය යුතු ය.) සියලු විෂයයන් සඳහා, විෂය නාම සහිතව වෙන් වෙන්ව සැපයේ.
  • පාසලේ නමින් ම ප්‍රශ්නපත්‍ර ශීර්ෂ සකස්කර දීම.(මසකට පෙර දැනුම්දිය යුතු ය.) පොදු ශීර්ෂ කට්ටලයක් සැපයේ. විෂයය හා වේලාව උචිත පරිදි එක්කරගතයුතු ය. පාසල් ලාංඡනය ලබා දියයුතු අතර විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය විසින් දැනුම්දිය යුතු වේ.
  • කලාප කාර්යාලයේ නමින් ම සහතිකපත්‍ර සකස්කර දීම.(දෙසතියකට පෙර දැනුම්දිය යුතු ය.)
  • පාසල් සඳහා අභ්‍යන්තර නාමපුවරු (විද්‍යාගාරය, පුස්තකාලය වැනි) නිර්මාණය කර දීම.
  • සුපැහැදිලි ලාංඡන නොමැති පාසල් වල ලාංඡන ප්‍රතිනිර්මාණය කර දීම.
  • පාසල් ක්‍රීඩා උත්සව සඳහා සහතිකපත්‍ර නිර්මාණය කරදීම.(මසකට පෙර දැනුම්දියයුතු අතර කාර්යබහුලතාව මත භාරගැනීම හෝ නොගැනීම තීරණය විය හැක.)
  • වඩාත් දුෂ්කර පාසල් හා දුෂ්කර අධ්‍යාපන කලාප කාර්යාල වලට ප්‍රමුඛතාව හිමි වනු ඇත.
  • මේවා artwork වශයෙන් ලබා දෙනු ලබන අතර ඔබ විදුහල හෝ කලාප කාර්යාලය මගින් මුද්‍රණය කරගතයුතු ය.
  • ඉහත සියලු නිර්මාණ සමග මුද්‍රණ ආයතනයට පැවසියයුතු විස්තර ඇතුළත් උපදෙස් පත්‍රිකාවක් ද සැපයේ.

අනන්‍යතාව තහවුරු කරගැනීම හා ඍජු සබඳතා අවශ්‍ය වන නිසා මෙකී සේවා සැපයෙන්නේ අපගේ පුවත් සමූහය හරහා ය. messenger හෝ comment වලට පිළිතුරු නොලැබෙනු ඇත.

අපගේ පුවත් සමූහයට මෙම දැන්වීම මත click කර එක්වන්න.

 

 

ඔබට වැදගත් පසුගිය පුවත්