මධුවන්ත පීරිස් සමග eduhelp අධ්‍යාපන සත්කාරක සේවා


වෘත්තීය මාර්ගෝපදේශක හා පෞරුෂ වර්ධන දේශක මධුවන්ත පීරිස් මෙහෙයවන

බලාපොරොත්තුවේ දෙනෙත් විවර කරන වැඩසටහන් මාලාව

‍මේ 2023.01.05- දින වැඩසටහන eduhelp ආයතනයේ සම්බන්ධීකරණය සමගින් කළුතර දොඩන්ගොඩ බොම්බඹුවල ආදර්ශ විදුහලේ දී පැවැත්විණි . මෙහි දී මධුවන්ත පීරිස් මහතාගේ වැඩසටහනට අමතරව ජිවිතය ජය ගැනිම යන මාතෘකාව ඔස්සේ විශේෂ දේශනය හරහා දරුවන් දැනුවත් කරන ලද්දේ අචාර්ය ශොභාත් විජෙරත්න මහතා ය.

 

වෘත්තීය මාර්ගෝපදේශක හා පෞරුෂ වර්ධන දේශක මධුවන්ත පීරිස් මහතා සමග එක්ව  මේ වන විට eduhelp ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සඳහා වැඩසටහන් විස්සක් පමණ සිදුකර ඇති අතර විශේෂයෙන් ම ප්‍රාථමික අංශයේ දරුවන්ගේ මෘදුකුසලතා වර්ධනය හා පෞරුෂත්ව වර්ධනය පිළිබඳ වැඩසටහන් මාලාවක් ඉදිරියේ දී ද සිදුකිරීමට නියමිත ය. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන් සඳහා පූර්ණ මාර්ගෝපදේශකත්වය සැපයීම සම්බන්ධයෙන් සුදුසුකම් ලත්, පුහුණු ප්‍රකට උපදේශකවරයෙකු මෙන් ම ඒ පිළිබඳ වර්ෂ ගණනාවත් පුරා වැඩසටහන් රාශියක් මෙහෙයවීම තුළින් ලැබූ අත්දැකීම් මත ප්‍රවීණයෙකු වන මධුවන්ත පීරිස් මහතා  හා සම්බන්ධ වී මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට අවස්ථාව ලැබීම eduhelp ආයතනයේ ජයග්‍රහණයක් සේ සලකමු.

දැනට කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකරන මෙම වැඩසටහන් ඔබගේ විදුහලට ද ලබාගැනීමට අපගේ whatsapp අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න. නැතහොත් අපගේ ආයතනයේ සම්බන්ධීකාරක සම්පත් කරුණාමුණි (0702203931) මහතා අමතන්න.

 

ඔබට වැදගත් පසුගිය පුවත්