මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි. ඒ අනුව ලබන 07 වනදා දක්වා එම කාල සීමාව දීර්ඝ කර තිබේ. මීට අමතරව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 ආරම්භ වීමට නියමිත බව ද දන්වා සිටියේ ය.