අංග/අඞ්ග

(නාප්‍ර) [සංස්කෘත./පාලි තත්සම]

1. අතීත ඉන්දියාවේ පැවති සොළොස්‌ මහජනපදයන්‌ ගෙන්‌ එකක්‌ වූ අඟු රට. චම්පාව අගනුවර කරගත් රාජ්‍යය.

2. කුඹුරකින්‌ ගොඩට නෙරා ගිය බිම් තීරුව.

3. මිනිසා ඇතුළු සත්ත්වයන්ගේ අත පය ආදි අවයව.

4. කය, සිරුර, ශරීරය.

5. යම් දෙයකින් කොටසක්, යම් දෙයක ඇති ගුණය හෝ ලක්ෂණය, භාගය, ප්‍රභේදය.

6. ශීලය, ව්‍රතය, ප්‍රතිපත්තිය.

7. පිළිවෙළ, හැඩය, ක්‍රමය, ස්වරූපය.

8. සංගීතයෙහි මාත්‍රාවන්‌ ගේ ප්‍රමාණය දක්වන සංඥා විශේෂය.

9. ව්‍යූහය.