WordPress WooCommerce Themes

01. සිංහල වර්ණ මාලාවේ මුල් අකුර ද එහි ස්වර අක්ෂර අතරින් පළමුවැන්න ද වේ.මෙය කණ්ඨජ අක්ෂරයකි. මේ නිසා වැලිවිටියේ සෝරත හිමියන් පවසන්නේ උත්පත්ති ස්ථාන අනුව පෙළගැස්වීමේ දී සිංහල වර්ණ මාලාව තුළ ‘අ’ අක්ෂරයට හිමිවන්නේ දෙවැනි තැන බව යි.

02. මෙය විරුද්ධාර්ථය ඇති කරවන නිපාතයක් ද වේ.(සිංහලයේ ‘නො’ නිපාතයට සමානව) උදා-අගරු, අපිරිසිඳු…

03. යම් වදනක අර්ථය විසිතුරු කිරීම පිණිස යොදන උපසර්ගයක් ද වෙයි.(අසිරි),

04. විෂ්ණු දෙවි යන අර්ථය ද දෙයි.(කළෝ සකුගුරු කඳහු පුද මල්-කාව්‍ය ශේඛරය 11සග38කව.එහි සක්+උ+ගුරු+කඳ+අ යනුවෙන් දැක්වෙන්නේ, පිළිවෙළින් ශක්‍රයා, ඊශ්වර, බ්‍රහස්පති,ස්කන්ධ හා විෂ්ණු යන දෙවිවරු ය.)

05. ආවොත්, ආ කල්හි,(සෙනරත් පරණවිතානයන්ගේ සීගිරි ගී එකතුවේ 48, 59, 175, 234 ආදිය උදාහරණ වේ.)

06. අහෝ!, අනේ!, ආ! වැනි නිපාතයන්ගේ අර්ථය ද තිබේ. මේවායින් සතුට, සැමරීම, කෝපය, ආශ්චර්යය වැනි අදහස් ඇති කරයි.(සීගිරි ගී අනුව ය.)

07. පංච පක්ෂියේ දී භේරුණ්ඩ පක්ෂියාට හිමි අකුර ද වෙයි.

08. කැති නැකතේ පළමු පාදයට හිමි අකුර ද වෙයි.

09. මේෂ ලග්නයේ අක්ෂර තුනෙන් එකක් ද වෙයි. (අ, ආ, ශ)

10. ඉරිදා දිනයට හිමි අක්ෂර දහයෙන් එකකි.(අ, ආ, ඉ, ඊ, උ, ඌ, ඒ, ඒ, ඔ, ඕ)

සබැඳි ලිපි

Dictionary

අං.

01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
Dictionary

අං අත්ත

මුවන් ගෝනුන් වැනි සතුන්ගේ ප්‍රධාන අඟෙන් බෙදී ගිය උප අඟ
Dictionary

අං අලය

අං සහිත සත්ත්වයින්ගේ අඟ මුල ඇති අලයක් වැනි කොටස
Dictionary

අං ආභරණ

අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ...