අංගම්

01. මන්ත්‍ර විශේෂයකි. එය ජප කර කටින් පිඹ යැවූ විට ඒ වාතයට ගොදුරු වූ තැනැත්තාට මහත් විපතක් වෙයි. ඇතැම් විට සිහිසුන්ව වැටෙයි. නාසයෙන් මුඛයෙන් ලේ පෙරමින් මිය යයි.

02. දේව පූජාමය නර්තනයකි.

03.  පුද සිරිත් වලට යොදා ගන්නා කුඩු විශේෂයක් හෙවත් චූර්ණයකි.

04. පොර බැදීමේ ක්‍රීඩාවකි.