Eduhelp Admin1

දිස්ත්‍රික් සිතියම

ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25කි. ඒවා පළාත් 9කට අයත් වේ. අනුරාධපුරය විශාල ම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ කුඩා ම දිස්ත්‍රික්කය වේ. ජනගහනය අධික ම දිස්ත්‍රික්කය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය යි. ළාබාල ම දිස්ත්‍රික්කය හෙවත් වඩාත් මෑත කාලීනව පිහිටවූ දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කය යි. Share with a student  

දිස්ත්‍රික් සිතියම Read More »

දිඹුලාගල / දුමරක්ඛපබ්බත

ධූමරක්ඛපබ්බත නමින් හැඳින්වෙන්නේ පොළොන්නරුවට සමීප දිඹුලාගල යි. මෙහි බ්‍රාහ්මී අක්ෂරයෙන් කළ ලිපි සහිත ලෙන් ආදිය ද තිබෙන නිසා මෙය ලංකා ඉතිහාසයේ වඩාත් පැරණි යුගයකට අයත් වේ යැයි පිළිගැනෙයි. පණ්ඩුකාභය කුමරා ද සේනා සහිතව අවුත් මෙහි සිව් වසරක් නතර වී සිටියේ යැයි දැක්වේ. මෙහි මාරාවිදිය ලෙන් සිතුවම් ලංකාවේ ඉපැරණි සිතුවම් අතරට අයත් වේ. මීට සමීප පුල්ලිගොඩ

දිඹුලාගල / දුමරක්ඛපබ්බත Read More »

දීඝවාපි / දිගාවැව / දිගාමඩුල්ල

පුරාණ දීඝ මණ්ඩලය හෙවත් දීඝවාපිරට්ඨය යි. වත්මන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් වේ. දීගාමඬුල්ල නමින් අදත් හැඳින්වේ. ගල්ඔය දෙගොඩ ම දිගාමඩුල්ලට අයත් වේ. කාවන්තිස්ස රජු සිය දෙවැනි පුත්‍රයා මෙහි පාලන කටයුතු පිණිස පත් කළ අතර, ඔහු යටතේ හමුදා සේනාංකයක් ද එහි නතර කරවී ය. මෙය ඉන්දීය සංක්‍රමණිකයින් පිහිටවූ දීඝායු ජනපදය වශයෙන් හඳුන්වතත්, වර්තමානයේ මේ ජනපදය දේශීය මූලයක්

දීඝවාපි / දිගාවැව / දිගාමඩුල්ල Read More »

දැදුරු ඔය

ජජ්ජර නදිය. සලාවත්තොටින් මුහුදට එක්වේ. මහා පරාක්‍රමබාහු රජු මේ නදිය ආශ්‍රිතව සූකරනිජ්ඣර, කොට්ටබද්දධ හා දෝරදත්තික නමින් අමුණු තුනක් කරවූ බව සඳහන් වේ. Share with a student  

දැදුරු ඔය Read More »

දඹුල්ල

වළගම්බා සමයේ සංවර්ධනය කර භික්ෂු වාසයට පිදූ දැවැන්ත ලෙනක් නිසා ප්‍රකටවූ ස්ථානයකි. මෙය ලංකාවේ විශාල ම ස්වභාවික ලෙන් සංකීර්ණයකි. බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ ලෙන් ලිපි 25ක් පමණ මෙහි තිබේ. මහා විජයබාහු රජු ප්‍රතිසංස්කරණය කළ ජම්බුකෝළ විහාරය ද මෙය වියහැක. නිශ්ශංකමල්ල රජු මේ විහාරය පිළිසකර කරවා පිළිම වල රන් ආලේප කරවූ බවත්,  සුවණ්ණගිරිගුහා නම යෙදුණු බවත් එහි

දඹුල්ල Read More »

දඹකොළපටුන /ජම්බුකෝළපට්ඨන

ජම්බුකෝළපට්ටන/ සම්බිලිතුරෙයි-ලංකාවේ වඩාත් මබ උතුරට වන්නට පිහිටි ප්‍රමුඛපෙළේ වරායකි. අනුරාධපුර අගනුවර හා මේ සම්බන්ධ කළ පැරණි ප්‍රධාන මාර්ගයක් වූ බවට මහාවංසය, ෆාහියන් හිමියන්ගේ වාර්තාව වැනි සාහිත්‍ය මූලාශ්‍ර වලින් පෙනී යන නිසා මේ වරාය අනුරාධපුර සමයේ දී මහාතිත්ථය තරම් ම වැදගත් වරායක් වන්නට ඇති බව පෙනෙයි. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කළේ මේ වරාය ඔස්සේ යැයි මතයක්

දඹකොළපටුන /ජම්බුකෝළපට්ඨන Read More »

දඹදෙණිය

ලංකාවේ දෙවැනි නාගරීකරණයේ පළමු අගනගරය යි. වන්නි විජයබාහු හෙවත් තෙවන විජයබාහු රජු ආරම්භ කළ අතර කාලිංග මාඝ හා චන්ද්‍රභානුගේ අභියෝග මැද වර්ධනය විය. දෙවැනි පැරකුම්බාවන් මෙහි කැපී පෙනුණු පාලකයා විය. Share with a student    

දඹදෙණිය Read More »

දොළොස්දහස් රට/ ද්වාදසසහස්සක

කළුගංගා නිම්නයේ හෝ බෙන්තර ගඟේ සිට වළවේ ගඟ දක්වා කොටස යි. මේ ඒකකය අපට අසන්නට ලැබෙන්නේ පොලොන්නරු යුගයේ දී ය. ගම්මාන දොළොස් දහසක් මීට අයත් වූ නිසා මේ නම දුන් බය පෙනී යයි. මෙහි අගනුවර වූයේ වළවේ ගඟබඩ මහානාගහුල යි.මහානාගහුල යනුවත්මන් රම්බා විහාර බිම ලෙස සැලකේ. Share with a student    

දොළොස්දහස් රට/ ද්වාදසසහස්සක Read More »

දක්ඛිණදේශය

කලාවැව සිට කළුගඟ ආශ්‍රිත ප්‍රදේශය දක්වා ප්‍රදේශය යි. ඇතැම් විට බෙන්තර ගඟ දක්වා පුළුල් වූ අවස්ථාත්, කැළණි ගඟ දක්වා අඩු වූ අවස්ථාත් ඇති බව ඉතිහාසය අනුව පෙනී යයි. දුටුගැමුණු රජු සිය පුත් සාලිය කුමරාට අනුරපුර දකුණු දොරටුවේ සිට දැදුරු ඔය දක්වා කොටස පැවරූ බව වංසකතා අනුව පෙනී යයි. මේ ඒකකයට අනුව මේ නම නිර්මාණය වන්නට

දක්ඛිණදේශය Read More »