Eduhelp Admin1

ගුත්තල

ගුත්තහාලක. වත්මන් බුත්තල. මේ ස්ථානය දුටුගැමුණු සේනා ගමන් කළ ස්ථානයකි.   Share with a student    

ගුත්තල Read More »

ගෝවින්දමලය

කාලිංග මාඝ සමයේ ලංකාවේ ගල්ඔයට සමීපව බිහි වූ ප්‍රාදේශීය මධ්‍යස්ථානයකි. එකල එහි පාලකයා බුවනෙකබාහු ආදිපාදවරයා ය. Share with a student    

ගෝවින්දමලය Read More »

ගොඩවාය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මේ නමින් ඉතිහාසයේ ප්‍රකට වන්නේ වරාය හා විහාරය යි. පළමුවන ගජබා රජුට අයත් සෙල්ලිපියක් මෙහි තිබේ. එහි ඇත්තේ මේ වරායේ තීරු බදු ආදායම ඒ ආසන්න ගෝඩපබ්බත විහාරයට පුදන බව යි. ගෝඩපබ්බත විහාරය  රුහුණේ ගෝඨාභය රජු විසින් කරවී යැයි සඳහන් වේ.   Share with a student    

ගොඩවාය Read More »

පරාක්‍රම සමුද්‍රය

පොළොන්නරුවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියයි. අඹන් ගඟ හරස් කළ අංගමැඩිල්ල අමුණෙන් ඇරඹෙන අංගමැඩිල්ල ඇලෙන් පෝෂණය වේ. මහා පරාක්‍රමබාහු රජුගේ සමයේ කරවා ඇත. Share with a student    

පරාක්‍රම සමුද්‍රය Read More »

ගිරිතලේ වැව

පොළොන්නරුවට සමීප ස්ථානයක ඇති වැවකි. ගිරිකණ්ඩපබ්බත නමින් හැඳින්වූ ප්‍රදේශයේ ඉදිකර තිබේ. 2වන අග්බෝ රජු කරවූ ගිරිතටවාපිය යි. Share with a student    

ගිරිතලේ වැව Read More »

ගිං ගඟ

ගාල්ල ප්‍රදේශයෙන් මුහුදට එක්වන ගංගාවකි. ගිංතොට මේ ආශ්‍රිතය පිහිටා තිබේ.   Share with a student    

ගිං ගඟ Read More »

ගිලීමලේ

මධ්‍යම කඳුකරයේ ගම්මානයකි. මහා විජයබාහු රජු මේ ගම්මානය ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ සත්කාරක ගමක් ලෙස පිදූ බව අඹගමුව ලිපියෙන් පෙනී යයි. Share with a student    

ගිලීමලේ Read More »

දන්තුරේ

1594 දී පේද්‍රෝ ලෝපෙස් ද සූසාගේ හමුදා සහ පළමු විමළධර්මසූරිය රජුගේ හමුදා යුධ කළ ස්ථානයයි. මහනුවරට සමීපය. මේ යුද්ධයේ දී පෘතුගීසි සේනාංක සමූලඝාතනයට ලක්විය. Share with a student    

දන්තුරේ Read More »

ගන්නෝරුව

මහනුවර නගරයට ආසන්න ස්ථානයකි. පෘතුගීසීන් හා යුධ වැදුණු ස්ථානයකි. 1638 වැන්නේ දි දියෝගෝ ද මෙලෝ කැස්ත්‍රොගේ පෘතුගීසි සේනා දෙවන රාජසිංහ හමුදා අතින් අන්ත පරාජයකට ලක්වූයේ මෙතැන දී ය. Share with a student    

ගන්නෝරුව Read More »