Eduhelp Admin1

හෝර්ටන් තැන්න

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. නුවරඑළිය හා හපුතලේ ප්‍රදේශ ආවරණය කරයි. 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ දී තෝමස් ෆර් විසින් සොයගත් අතර එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් විල්බට් හෝටන් ගේ නමින් මෙය හෝර්ටන් තැන්න ලෙස නම් කර තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 පමණ ඉහළින් පිහිටා ඇති මෙහි ලංකාවේ අත්විඳියහැකි අධික ශීත සුළං

හෝර්ටන් තැන්න Read More »

හැමන්හිල්

පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක් වූ මෙය පසුව ලන්දේසීන් විසින් අල්ලා ගන්නා ලදී. ලංකාවේ උතුරු දූපත් සමූහයේ කුඩා දූපතක පිහිටා ඇති අශ්ටාශ්‍ර බලකොටුවකි. හැමන්හිල් නම ලන්දසෙීන් විසින් දෙනු ලැබූවකි. පෘතුගීසීන් එයට දුන් මුල් නම ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව යන්න යි. Share with a student    

හැමන්හිල් Read More »

දෙවනගල

මහාපරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය පිළිබඳ සාධක සපයන ශිලාලේඛනයක් සහිත ස්ථානයකි. බුරුම ආක්‍රමණය මෙහෙයවූ නගරගිරි කිත්ති නම් සෙන්පතියාට දුන් ගම්වර පිළිබඳ එහි දැක්වේ. Share with a student    

දෙවනගල Read More »

හඟුරන්කෙත

මහනුවර රාජධානි සමයේ වඩාත් ප්‍රකට වූ ස්ථානයකි. මහනුවර රජුගේ අතිරේක මාළිගයක් මෙහි වූ අතර ආරක්ෂාව පතා ගියේ ද එතැනට ය. 1803 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ රාජසිංහ රජු ආරක්ෂාව පිණිස ගියේ ද හඟුරන්කෙතට ය. Share with a student    

හඟුරන්කෙත Read More »

හම්බන්තොට

ඔරු දෙකක් එකට ඈදා තැනූ හම්බන්වලින් මෙරටට ආ සංක්‍රමණිකයින් විසින් ඇරඹූ ජනපදය මේ නමින් හඳුන්වන්නේ යැයි වැලිවිටියේ සෝරත හිමියෝ දක්වති. දකුණු පළාතට අයත් වේ. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student    

හම්බන්තොට Read More »