කවුඩුල්ල වැව
මහසෙන් රජු (275-301) කරවූ වැවකි. තිස්සවඩ්ඪමානක නමින් අතීතයේ හඳුන්වා ඇත්තේ මේ වැව යැයි උගත්තු විශ්වාස කරති. පූජාවලියේත්, ඇතැම් ශිලා ලේඛනවලත් මෙය රන්තිසා වැව නමින් හඳුන්වා තිබේ. මහා පැරකුම්බාවන්ගේ වාරි ප්‍රතිසංස්කරණ අතර හමු වන සුවණ්ණතිස්සවාපිය ද මෙය වේ. කවුඩුළු ඔය තිස්සවඩ්ඪමානක ප්‍රදේශයේ දී හරස් කර තනා ඇති මේ වැවට මින්නේරිය වැවේ සිට ඇළමගක් ද කැණ තිබේ. […]