මානියන්ගම
ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student
ලංකාවේ මුල් ම අගනුවර ආරක්ෂා වූයේ ද පෝෂණය වුයේ ද මේ නදියෙනි. රිටිගල කඳු පන්තියෙන් ඇරඹී මහාතිත්ථය අසලින් මුහුදට එක් වූ මෙය පසුව ගමන් මග වෙනස් වී මහාතිත්ථයට වඩා සැතපුම් 17ක් පමණ දකුණු ස්ථානයකින් මුහුදට එක්වන්නට විය. කනදරා ඔය මෙහි ප්‍රධාන අතුගංගාවකි. Share with a student
කෝට්ටේ සමයේ රජුගේ මාළිගය මෙහි පිහිටා තිබුණි. දොන් ජුවන් පෙරියබණ්ඩාර රජුගේ මරණයට පසු පෘතුගීිසි හා සිංහල පාර්ශ්ව අතර ඇති වූ මල්වානේ ගිවිසුම එහි දී අත්සන් කර තිබේ. Share with a student
දිගින් සැතපුම් 206ක් වන මෙය ලංකාවේ දීර්ඝතම ගංගාව ද වෙයි. මහවැලි ගංගාවෙහි හා එහි අතු ගංගාවල මිටියාවත් ලංකාවේ සමස්ත භූමියෙන් 1/6ක ප්‍රදේශයක(සතරැස් සැතපුම් 4000ක් පමණ) පැතිර ගොස් තිබේ. ශ්‍රී පාද කඳු පන්තිය ආශ්‍රිතව ඇරඹී, ඊශාන දෙසට ගලා ගොස් ත්‍රිකුණාමලයේ දී මුහුදට වැටේ. හැටන් ගඟ මෙහි පළමු අතු ගංගාවයි. අටබාගේ ඔය, නීලඹේ ඔය, තලාතුඔය, මයිලපිටිය ඔය,
පුරාණ ලංකාවේ වරාය අතරින් වඩාත් ප්‍රසිද්ධ වූයේ මහාතිත්ථය යි. මහවොටි, මහවුටු, මහපුටු, මාන්තෝට්ටම් වැනි නම්වලින් ද හැඳින්වී ඇති මේ වරාය දැනට මාන්තෙයි ලෙස හැඳින්වේ. නොයෙක් රටවලින් පැමිණි නෞකා මෙම තොටුපළේ දී භාණ්ඩ විකිණීම ද හුවමාරුව ද සිදු කර ඇත. ඇතුන්, මුතුමැණික්, කුළු බඩු වැනි දේ මෙ රටින් ගෙන ගොස් ඇත. මහාත්ත්ථයේ සිට අනුරාධපුර අගනුවර දක්වා
රුහුණේ මර්මස්ථානයකි. වළවේ ගඟ අසබඩ පිහිටි මෙය පසුව දොළොස්දහස් රටේ අගනගරය විය. පළමු විජයබාහු රජුගේ සටන් මධ්‍යස්ථානයක් ද විය. වත්මන් රම්බා විහාර භූමිය යැයි පිළිගැනෙයි. Share with a student
අනුරාධපුරයට තරමක් සමීප වැවකි. මහසෙන් රජු කරවා ඇත. කණාදියදොර හෙවත් ඛානු වාපි නමින් ද හඳුන්වා ඇත. Share with a student