Eduhelp Admin1

නල්ලුර්

යාපන අර්ධද්වීපයට අයත් වැදගත් නගරයකි. යාපනය සිය රාජධානිය කොට ගත් ආර්යචක්‍රවර්තීන්ගේ මුල් ම අග නගරය වූයේ ද නල්ලුර්ය. සංකිලි රජු යාපනය පාලනය කළ කාලයේ පෘතුගීසීන්ගෙන් යාපන රාජ්‍යයට තර්ජන එල්ල විය. එම අභියෝග ජය ගනු වස් සිය අගනුවර වූ නල්ලුර් හි බලකොටුව යුධ අවශ්‍යතා සපිරෙන ලෙස ශක්තිමත්ව ගොඩනැංවීමට සංකිලි රජු කටයුතු කළේය. නල්ලුර්හි කෝවිල ද ඉදි […]

නල්ලුර් Read More »

නාලන්දා

ලංකාවේ හරි මැද සේ සැලකෙන ස්ථානයයි. මෙහි ගෙඩිගෙ සම්ප්‍රදායේ ඉදිකිරීමක් තිබූ අතර පසු කාලයේ මහවැලි ව්‍යාපාරයට අයත් බෝවතැන්න ජල ගබඩාව ඉදිකිරීමේදී මේ ඉදිකිරීම සහිත භූමිය ජලයෙන් යටවන තත්ත්වයක් ඇති විය. මේ නිසා නාලන්දා ගෙඩිගෙය තිබූ භූමිය අඩි 23ක් පස් පුරවා උස් කොට ඒ අයුරින් ම යළි ස්ථාපනය කරන ලදී. Share with a student    

නාලන්දා Read More »

නකදිව(නාගදීප)

පැරණි කාලයේ මේ නමින් හඳුන්වා ඇත්තේ වත්මන් යාපන අර්ධද්වීපය යි. මෙය අනුරාධපුර යුගයේ සැලකියයුතු කාලයක් පුරා අනුරාධපුර රජු යටතේ පාලනය වූ බව සිතිය හැකි වේ. දෙවනපෑතිස් රජු මේ ප්‍රදේශය හරහා ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමෙන් ද, එකල සිට විටින් විට ඉදි වූ බෞද්ධ විහාරාරාමවල නටබුන් හමු වීමෙන් ද, වසභ රාජ්‍ය සමයේ ඉසිගිරිය නමැති අමාත්‍යයා යටතේ

නකදිව(නාගදීප) Read More »

මුතුරාජවෙල

කොළඹට උතුරුන් වූ තෙත්බිමකි. වත්මන් පරිසර විනාශයේ ගොදුරක් වීමට පෙර එය අස්වද්දන්නට පවා ලන්දේසීන් උත්සාහ කර තිබේ. Share with a student    

මුතුරාජවෙල Read More »

මුල්ලේරියාව

කොළඹට නුදුරු ස්ථානයකි. 1562 දී ටිකිරි කුමරු යටතේ ආ සීතාවක සේනා විසින් අපොන්සු පෙරෙයිරා ද ලසර්දා ප්‍රමුඛ පෘතුගීසීන් අන්ත පරාජයකට ලක්කළ සටන් බිමකි.   Share with a student    

මුල්ලේරියාව Read More »

මිණිපේ (ගංදෙණිය)

මහවැලි ගං ඉවුරේ ස්ථානයකි. ගංදෙණිය නමින් ද හඳුන්වා ඇත. කාලිංග මාඝ පොලොන්නරුව අල්ලාගෙන සිටි සමයේ මෙහි මධ්‍යස්ථානයක් පිහිටුවාගත් සංඛ සෙනෙවියා මාඝ තවදුරටත් දකුණට පැමිණීම වළක්වාලූයේ ය.   Share with a student    

මිණිපේ (ගංදෙණිය) Read More »

මිණිපේ ඇළ

මිණිපේ අමුණෙන් ඇරඹී මහවැලි නදියට සමාන්තරව උතුරට ගලා යන ඇළ මාර්ගයකි. පසුව යළි මහවැලි ගඟට ම එක්වේ. Share with a student    

මිණිපේ ඇළ Read More »