මහනුවර රාජධානියේ පරිපාලන ඒකක
Share with a student
මහනුවර රාජධානියේ පරිපාලන ඒකක Read More »
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථානයකි. පැරණි නටඹුන් හා පඬාවැව නමින් හැඳින්වෙන වැවක් ද මේ ආසන්නයේ තිබේ. ඒ වනාහි මහා පැරකුම්බාවන් කරවූ මුල් පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගෙන තිබේ. මහා පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයාව සිටිය දී මධ්‍යස්ථානය කරගත්තේ මේ ස්ථානය බැවින් පරාක්‍රමපුර නමින් ද හැඳින්වේ. Share with a student
යාන් ඔය මෝදරට සමීප වරායකි. මහා පරාක්‍රමබාහු රජ අණින් නගරගිරි කිත්ති සෙන්පතියා දැවැන්ත නෞකා සේනාවක් සමග බුරුමය බලා පිටත් වූයේ මේ වරායෙනි. Share with a student
දෙවන මුගලන් රජු කරවූ පදී වාපිය හෙවත් ධන වාපිය යි. මහ ඔයට සමීපව පිහිටා තිබේ. Share with a student
අනුරාධපුර දඹුල්ල පාරේ හමු වන වැවකි. දෙවන මුගලන් රජු කරවූ බව පිළිගැනෙයි. අඩි 5550ක් දිගු බැම්මක් සහිත ය. විටින් විට ප්‍රතිසංස්කරණය කරන ලදුව දැනට මෙය ආසන්න වශයෙන් අක්කර 4400ක් පමණ විශාල වේ. කුඹුරු අක්කර 4200කට දියවර සැපයේ. පත්තපාසාණවාපි නමින් අතීතයේ හඳුන්වා ඇත. Share with a student
අනුරාධපුර නගරයට ආසන්න වැවකි. මල්වතුඔය නැගෙනහිර පසින් පිහිටා තිබේ. පළමු ගජබා රජුගේ ශිලා ලිපියක සඳහන් වන නකරවවි යන් මේ වැව යැයි හඳුනාගෙන ඇත. ඇතැම් විට මෙය ඒ රජුගේ ම නිර්මාණයක් විය හැක. Share with a student