Eduhelp Admin1

පොළොන්නරුව

ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරිය, පුලනරුව, ජනනාථමංගලම්, ජනනාථපුරම් ආදී නම් රැසකින් හඳුන්වා ඇත. Share with a student    

පොළොන්නරුව Read More »

පොල්ගොල්ල

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සමගාමීව මහවැලි නදිය හරහා අමුණක් ඉදිකළ ස්ථානයකි. මහවැලි දියවර මෙතැනින් උතුරට හරවා සුදු ගඟට සම්බන්ධ කර බෝවතැන්න තෙක් ගෙනගොස් එතැනින් වියළි කලාපීය වැව්වලට බෙදාහැර තිබේ. Share with a student    

පොල්ගොල්ල Read More »

පිදුරංගල

සීගිරියට සැතපුමක් පමණ උතුරින් පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකි. තව ද මෙහි ප්‍රාග් ඓතිහාසික සාධක ද හමු වී තිබේ. කාශ්‍යප හා යුද්ධයට යෑමට පෙර මුගලන් කුමරු මෙහි විහාරයට රන් පිදූ බවත්, ඒ නිසා රන් පිදූ ගල, පිදු රංගල වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. Share with a student    

පිදුරංගල Read More »