අංගිය
අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත් ලිපිවල සඳහන් වේ.
අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත් ලිපිවල සඳහන් වේ.
අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන් කොට ඉදි කළ නිසා මේ නමින් ප්‍රකට විය. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට මෝරිය රජ දරුවෝ ධාතු බෙදීමේ අවස්ථාවට ආයේ ප්‍රමාද සහිතවය. මේ නිසා ඔවුන්ට බුදුරදුන්ගේ ශරීර ධාතු හිමි
අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත් බාහුවෙහි පළඳින වළල්ලට ද ෙමම නම ෙයෙදයි. අඟු පළඳනාව හෙවත් කේයූරය යි.
අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය යි. මගධයේ රජකළ භට්ටිය(බිම්බිසාර රජු ගේ පියා) පරාජය කොට මගධයෙන් කොටසක් අල්ලා ගත් අංග රාජ්‍යයේ බ්‍රහ්මදත්ත රජු රජගහනුවර(රාජගෘහය) අගනුවර කරගත්තේය. එහෙත් බිම්බිසාර රජු බ්‍රහ්මදත්ත රජු මරා අංග රාජ්‍යයේ මුල් අගනුවර
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ මූලාවස්ථාව වශයෙන් ද පිළි ගැනේ. අං සහිත ඔටුන්නක් පැළඳ සිටින මෙම දෙවියා ඉන්දුනිම්න වැසියන්ගේ වන්දනයට පාත්‍ර වූ පශුපති ම යැයි පොදුවේ පිළිගැනේ. අං සහිත හිස්වැස්මක් පැළඳි මෙම දෙවියා යෝගී විලාසයකින්